Surah Nooh - Sinhala Translation by Www.islamhouse.com
إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ
වේදනීය දඬුවම ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු ඇඟවීමට අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු
Surah Nooh, Verse 1
قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ
“අහෝ! මාගේ ජනයිනි, නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය
Surah Nooh, Verse 2
أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
“නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
Surah Nooh, Verse 3
يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්!”
Surah Nooh, Verse 4
قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا
“මාගේ පරමාධිපතියාණෙනි! දිවා රාත්‍රි දෙකේම නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය
Surah Nooh, Verse 5
فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස ඔවුනට අධික නොකළේය.”
Surah Nooh, Verse 6
وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු ආවරණය කර ගත්තෝය. පාපකම්හි නිරත වූවෝය. අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
Surah Nooh, Verse 7
ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا
පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි
Surah Nooh, Verse 8
ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට රහසින් දැනුම් දුනිමි.”
Surah Nooh, Verse 9
فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය යැයි මම පැවසුවෙමි.”
Surah Nooh, Verse 10
يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
Surah Nooh, Verse 11
وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّـٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”
Surah Nooh, Verse 12
مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا
“අල්ලාහ් සතු ගාම්භීරත්වය නුඹලා අපේක්ෂා නොකිරීමට නුඹලාට කුමක් වීද?”
Surah Nooh, Verse 13
وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
Surah Nooh, Verse 14
أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
Surah Nooh, Verse 15
وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
Surah Nooh, Verse 16
وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا
“තවද අල්ලාහ් මහපොළොවෙන් පැළෑටි මෙන් නුඹලා ව හට ගැන්වීය.”
Surah Nooh, Verse 17
ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කිරීමකින් බැහැර කරන්නේය.”
Surah Nooh, Verse 18
وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය
Surah Nooh, Verse 19
لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස
Surah Nooh, Verse 20
قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا
“මාගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑහ. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය
Surah Nooh, Verse 21
وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් ලෙස කුමන්ත්‍රණය කළෝය.”
Surah Nooh, Verse 22
وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම) අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.”
Surah Nooh, Verse 23
وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَٰلٗا
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැවූහ. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!”
Surah Nooh, Verse 24
مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබූහ. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබූහ
Surah Nooh, Verse 25
وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا
“මාගේ පරමාධිපතියාණෙනි! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය
Surah Nooh, Verse 26
إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
Surah Nooh, Verse 27
رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا تَبَارَۢا
“මාගේ පරමාධිපතියාණෙනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේව විශ්වාස කරන්නන් හා දේව විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස අධික නොකරනු මැනව!”
Surah Nooh, Verse 28