Surah Al-Muddathir - Sinhala Translation by Www.islamhouse.com
يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
අහෝ පොරවා ගෙන සිටින්නාණෙනි
Surah Al-Muddathir, Verse 1
قُمۡ فَأَنذِرۡ
නුඹ නැගී සිට, අවවාද කරනු
Surah Al-Muddathir, Verse 2
وَرَبَّكَ فَكَبِّرۡ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු
Surah Al-Muddathir, Verse 3
وَثِيَابَكَ فَطَهِّرۡ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු
Surah Al-Muddathir, Verse 4
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
තවද කිලිට්ටෙන් වළකිනු
Surah Al-Muddathir, Verse 5
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු
Surah Al-Muddathir, Verse 6
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු
Surah Al-Muddathir, Verse 7
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට
Surah Al-Muddathir, Verse 8
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
එය දුෂ්කර දිනයක් වනු ඇත
Surah Al-Muddathir, Verse 9
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
දේව ප්‍රතික්ෂේපකයින්ට එදින පහසු නොවනු ඇත
Surah Al-Muddathir, Verse 10
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු
Surah Al-Muddathir, Verse 11
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි
Surah Al-Muddathir, Verse 12
وَبَنِينَ شُهُودٗا
ඉදිරියේ සිටින දරුවන් ද (ඇති කළෙමි)
Surah Al-Muddathir, Verse 13
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි
Surah Al-Muddathir, Verse 14
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය
Surah Al-Muddathir, Verse 15
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය
Surah Al-Muddathir, Verse 16
سَأُرۡهِقُهُۥ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි
Surah Al-Muddathir, Verse 17
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය
Surah Al-Muddathir, Verse 18
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද
Surah Al-Muddathir, Verse 19
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද
Surah Al-Muddathir, Verse 20
ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය
Surah Al-Muddathir, Verse 21
ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය
Surah Al-Muddathir, Verse 22
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය
Surah Al-Muddathir, Verse 23
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත
Surah Al-Muddathir, Verse 24
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය
Surah Al-Muddathir, Verse 25
سَأُصۡلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි
Surah Al-Muddathir, Verse 26
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද
Surah Al-Muddathir, Verse 27
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි
Surah Al-Muddathir, Verse 28
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
සම දැඩි ලෙස දවාලන්නකි
Surah Al-Muddathir, Verse 29
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
ඒ මත දහනව දෙනෙකි
Surah Al-Muddathir, Verse 30
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත
Surah Al-Muddathir, Verse 31
كَلَّا وَٱلۡقَمَرِ
එසේ නොව සඳු මත දිවුරමින්
Surah Al-Muddathir, Verse 32
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්
Surah Al-Muddathir, Verse 33
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්
Surah Al-Muddathir, Verse 34
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි
Surah Al-Muddathir, Verse 35
نَذِيرٗا لِّلۡبَشَرِ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි
Surah Al-Muddathir, Verse 36
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි
Surah Al-Muddathir, Verse 37
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය
Surah Al-Muddathir, Verse 38
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් දකුණුපස ජනයා හැර
Surah Al-Muddathir, Verse 39
فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති
Surah Al-Muddathir, Verse 40
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදි කරුවන්ගෙන් (මෙසේ ප්‍රශ්න කරන ලදි)
Surah Al-Muddathir, Verse 41
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්ද
Surah Al-Muddathir, Verse 42
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ
Surah Al-Muddathir, Verse 43
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු
Surah Al-Muddathir, Verse 44
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු
Surah Al-Muddathir, Verse 45
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු
Surah Al-Muddathir, Verse 46
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්
Surah Al-Muddathir, Verse 47
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය
Surah Al-Muddathir, Verse 48
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය
Surah Al-Muddathir, Verse 49
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි
Surah Al-Muddathir, Verse 50
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
සිංහ ගොදුරින් පලා යන (වන සතුන් මෙනි)
Surah Al-Muddathir, Verse 51
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත
Surah Al-Muddathir, Verse 52
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති
Surah Al-Muddathir, Verse 53
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි
Surah Al-Muddathir, Verse 54
فَمَن شَآءَ ذَكَرَهُۥ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා
Surah Al-Muddathir, Verse 55
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය
Surah Al-Muddathir, Verse 56