Surah Al-Qiyama - Sinhala Translation by Www.islamhouse.com
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි
Surah Al-Qiyama, Verse 1
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි
Surah Al-Qiyama, Verse 2
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද
Surah Al-Qiyama, Verse 3
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු
Surah Al-Qiyama, Verse 4
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි
Surah Al-Qiyama, Verse 5
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි
Surah Al-Qiyama, Verse 6
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට
Surah Al-Qiyama, Verse 7
وَخَسَفَ ٱلۡقَمَرُ
තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට
Surah Al-Qiyama, Verse 8
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට
Surah Al-Qiyama, Verse 9
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත
Surah Al-Qiyama, Verse 10
كَلَّا لَا وَزَرَ
එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත
Surah Al-Qiyama, Verse 11
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි
Surah Al-Qiyama, Verse 12
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ
Surah Al-Qiyama, Verse 13
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය
Surah Al-Qiyama, Verse 14
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
Surah Al-Qiyama, Verse 15
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු
Surah Al-Qiyama, Verse 16
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි
Surah Al-Qiyama, Verse 17
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු
Surah Al-Qiyama, Verse 18
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි
Surah Al-Qiyama, Verse 19
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය
Surah Al-Qiyama, Verse 20
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය
Surah Al-Qiyama, Verse 21
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී
Surah Al-Qiyama, Verse 22
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
තම පරමාධිපති දෙස බලමින් සිටිති
Surah Al-Qiyama, Verse 23
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී
Surah Al-Qiyama, Verse 24
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති
Surah Al-Qiyama, Verse 25
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
Surah Al-Qiyama, Verse 26
وَقِيلَ مَنۡۜ رَاقٖ
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
Surah Al-Qiyama, Verse 27
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
Surah Al-Qiyama, Verse 28
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
Surah Al-Qiyama, Verse 29
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය
Surah Al-Qiyama, Verse 30
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත
Surah Al-Qiyama, Verse 31
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය
Surah Al-Qiyama, Verse 32
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය
Surah Al-Qiyama, Verse 33
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
නුඹට ඛේදයයි. නුඹට ඛේදයමයි
Surah Al-Qiyama, Verse 34
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
පසු ව ද නුඹට ඛේදයයි! නුඹට ඛේදයමයි
Surah Al-Qiyama, Verse 35
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද
Surah Al-Qiyama, Verse 36
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද
Surah Al-Qiyama, Verse 37
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය
Surah Al-Qiyama, Verse 38
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය
Surah Al-Qiyama, Verse 39
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද
Surah Al-Qiyama, Verse 40