UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Insan - Sinhala Translation by Www.islamhouse.com


هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا

මිනිසා වෙත නිසැකවම කාලයක් පැමිණ තිබේ, එහි ඔහු ගැන (මෙසේ යැයි ) පවසන්නට තරම් වස්තුවක් ලෙස (මිනිසා) නොසිටියේය
Surah Al-Insan, Verse 1


إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا

නියත වශයෙන්ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු
Surah Al-Insan, Verse 2


إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا

එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක
Surah Al-Insan, Verse 3


إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا

නියත වශයෙන්ම අපි දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු
Surah Al-Insan, Verse 4


إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا

නියත වශයෙන්ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජන වලින් පානය කරති
Surah Al-Insan, Verse 5


عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا

(එය) උල්පතකි. එමගින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට නදියක් සේ) ගලා යන්නට සලස්වති
Surah Al-Insan, Verse 6


يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا

ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති
Surah Al-Insan, Verse 7


وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا

තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති
Surah Al-Insan, Verse 8


إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا

“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නොකරමු” (යැයි පවසති)
Surah Al-Insan, Verse 9


إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا

අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන්ම අපි බියවෙමු
Surah Al-Insan, Verse 10


فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا

එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගන්නේය. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසන්නේය
Surah Al-Insan, Verse 11


وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا

ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමුවේය
Surah Al-Insan, Verse 12


مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا

ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නොදකිනු ඇත
Surah Al-Insan, Verse 13


وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا

තවද එහි හෙවණ ඔවුන් මත පහත් ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී
Surah Al-Insan, Verse 14


وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠

රිදියෙන් වූ භාජන හා පළිඟු වලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති
Surah Al-Insan, Verse 15


قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا

එය රිදියෙන් වූ පළිඟුය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝය
Surah Al-Insan, Verse 16


وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

සන්ජබීල් (ඉඟුරු) මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති
Surah Al-Insan, Verse 17


عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا

එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි
Surah Al-Insan, Verse 18


۞وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا

සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත
Surah Al-Insan, Verse 19


وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا

තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත
Surah Al-Insan, Verse 20


عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا

සිනිඳු හා කොළ පැහැති ඝන සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත
Surah Al-Insan, Verse 21


إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا

නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය
Surah Al-Insan, Verse 22


إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا

නියත වශයෙන්ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු
Surah Al-Insan, Verse 23


فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් කිසිදු පාපියෙකුට හෝ දෙවියන් ප්‍රතික්ෂේප කළ කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු
Surah Al-Insan, Verse 24


وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا

තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු
Surah Al-Insan, Verse 25


وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا

තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු
Surah Al-Insan, Verse 26


إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا

නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති
Surah Al-Insan, Verse 27


نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا

අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ හන්දිපත් ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු
Surah Al-Insan, Verse 28


إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا

නියත වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ලෙස ගනිත්වා
Surah Al-Insan, Verse 29


وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අති සියුම් ඥානවන්තය
Surah Al-Insan, Verse 30


يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا

ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත
Surah Al-Insan, Verse 31


Author: Www.islamhouse.com


<< Surah 75
>> Surah 77

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai