UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Mursalat - Sinhala Translation by Www.islamhouse.com


وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا

අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්
Surah Al-Mursalat, Verse 1


فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්
Surah Al-Mursalat, Verse 2


وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්
Surah Al-Mursalat, Verse 3


فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا

වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්
Surah Al-Mursalat, Verse 4


فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්
Surah Al-Mursalat, Verse 5


عُذۡرًا أَوۡ نُذۡرًا

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී
Surah Al-Mursalat, Verse 6


إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ

නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි
Surah Al-Mursalat, Verse 7


فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට
Surah Al-Mursalat, Verse 8


وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ

තවද අහස පුපුරා හරිනු ලබන විට
Surah Al-Mursalat, Verse 9


وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට
Surah Al-Mursalat, Verse 10


وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට
Surah Al-Mursalat, Verse 11


لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද
Surah Al-Mursalat, Verse 12


لِيَوۡمِ ٱلۡفَصۡلِ

(එය) විනිශ්චය දිනය සඳහාය
Surah Al-Mursalat, Verse 13


وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ

විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද
Surah Al-Mursalat, Verse 14


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 15


أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ

මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද
Surah Al-Mursalat, Verse 16


ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ

පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු
Surah Al-Mursalat, Verse 17


كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය
Surah Al-Mursalat, Verse 18


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 19


أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ

ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද
Surah Al-Mursalat, Verse 20


فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු
Surah Al-Mursalat, Verse 21


إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා
Surah Al-Mursalat, Verse 22


فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ

එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු
Surah Al-Mursalat, Verse 23


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 24


أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا

මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද
Surah Al-Mursalat, Verse 25


أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا

ජීවත් වන්නන්ට හා මළවුන්ට
Surah Al-Mursalat, Verse 26


وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا

තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලයද පෙව්වෙමු
Surah Al-Mursalat, Verse 27


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 28


ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු
Surah Al-Mursalat, Verse 29


ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු
Surah Al-Mursalat, Verse 30


لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි
Surah Al-Mursalat, Verse 31


إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ

නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි
Surah Al-Mursalat, Verse 32


كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී
Surah Al-Mursalat, Verse 33


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 34


هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ

එය ඔවුන් කතා නොකරන දිනයකි
Surah Al-Mursalat, Verse 35


وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ

ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ
Surah Al-Mursalat, Verse 36


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 37


هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු
Surah Al-Mursalat, Verse 38


فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු
Surah Al-Mursalat, Verse 39


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 40


إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ

නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති
Surah Al-Mursalat, Verse 41


وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති)
Surah Al-Mursalat, Verse 42


كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ)
Surah Al-Mursalat, Verse 43


إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ
Surah Al-Mursalat, Verse 44


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 45


كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය
Surah Al-Mursalat, Verse 46


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 47


وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති
Surah Al-Mursalat, Verse 48


وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

බොරු කළවුනට එදින විනාශයයි
Surah Al-Mursalat, Verse 49


فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ

මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද
Surah Al-Mursalat, Verse 50


Author: Www.islamhouse.com


<< Surah 76
>> Surah 78

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai