Surah Al-Mursalat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا
එකකට පසු එකක් වශයෙන් යවනු ලබන දැය මතද
Surah Al-Mursalat, Verse 1
فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا
වේගයෙන් හමන සුළි සුළං මතද
Surah Al-Mursalat, Verse 2
وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا
විසුරුවාහැරිය වැහි වළා මතද
Surah Al-Mursalat, Verse 3
فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا
(ඇත්ත, බොරු අතරේ) පැහැදිලිව වෙන් කර ඇති දැය (වන ධර්මයන්) මතද
Surah Al-Mursalat, Verse 4
فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا
මතක් කර දෙන අය (දූතයින්) මතද
Surah Al-Mursalat, Verse 5
عُذۡرًا أَوۡ نُذۡرًا
සමාව හෝ නැතහොත් අනතුරු ඇඟවීම මතද සත්තකින්ම
Surah Al-Mursalat, Verse 6
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ
නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දැය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය
Surah Al-Mursalat, Verse 7
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ
ඒ අවස්ථාවේදී තාරකාවන්ගේ තම ආලෝකය සිඳී යනු ඇත
Surah Al-Mursalat, Verse 8
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ
අහස පැළී යනු ඇත
Surah Al-Mursalat, Verse 9
وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ
කඳු (දූවිලි මෙන්) පාවී යනු ඇත
Surah Al-Mursalat, Verse 10
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ
නියමිත කාලයෙහි (සාක්ෂි කීමට) දූතයින්ව ඒකරාශී කරනු ලබන්නාහ
Surah Al-Mursalat, Verse 11
لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ
(මේ සියල්ල) කුමන දවසක් දක්වා කල් දමා ඇත්තේද
Surah Al-Mursalat, Verse 12
لِيَوۡمِ ٱلۡفَصۡلِ
(යන්න නබියේ! ඔබ දන්නෙහිද?) විනිශ්චය දෙනු ලබන එදින දක්වාය
Surah Al-Mursalat, Verse 13
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ
(නබියේ!) තීන්දු දෙනු ලබන දවසේ ගුණාංගයන් ඔබ දන්නෙහිද
Surah Al-Mursalat, Verse 14
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(අපගේ ආයාවන්) බොරු කළ අයට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 15
أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ
(එය බොරු කරමින් සිටි) පෙර සිටියවුන්වද අපි විනාශ කර දැමුවේ නැද්ද
Surah Al-Mursalat, Verse 16
ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ
ඊට පසු සිටිය අයවද (විනාශ වී ගිය ඔවුන්ව), අනුගමනය කරන මෙන් සලස්වා
Surah Al-Mursalat, Verse 17
كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
(ඔවුන්වද විනාශ කර දැමුවෙමු). එසේම මෙම වැරදිකරුවන්වද, අපි (විනාශ වී යන්නට) සලස්වන්නෙමු
Surah Al-Mursalat, Verse 18
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(එබැවින් අපගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 19
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ
එක් ඉතාමත් අල්ප බිඳක් මගින් අපි ඔබව උත්පාදනය කළේ නැද්ද
Surah Al-Mursalat, Verse 20
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ
එය (ප්‍රවේසම් සහිතව ගර්භාශයෙහි)
Surah Al-Mursalat, Verse 21
إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ
නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ අපි සලස්වා
Surah Al-Mursalat, Verse 22
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ
පසුව අපිම එය (දරුවෙකු වශයෙන්ද) මනක්කල්පිත කරන්නෙමු. මනක්කල්පිත කරන්නන් සියල්ලන්ගෙන් අපි අපමණ උසස්වන්තයෙකි
Surah Al-Mursalat, Verse 23
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(එබැවින් මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 24
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا
අපි භූමිය ඉඩ ලබා දිය හැකි අන්දමට සැලැස්සුවේ නැද්ද
Surah Al-Mursalat, Verse 25
أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا
(ඔබගෙන්) පණපිටින් සිටින්නන්ටද, මරණයට පත් වූවන්ටද
Surah Al-Mursalat, Verse 26
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا
එහි උස් කඳුද අපි නිර්මාණය කර මිහිරි ජලයද (ඒවායෙන්) ඔබට බීමට සලස්වන්නෙමු
Surah Al-Mursalat, Verse 27
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(අපගේ මෙම කළකම්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 28
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
(විනිශ්චය දිනදී මොවුන්ට) “කුමන (නිරයක්) ඔබ බොරු කරමින් සිටියෙහුද, ඒ දෙසට ඔබ යනු”
Surah Al-Mursalat, Verse 29
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ
“කොටස් තුනකින් යුත් (නිරයේ) දුමාරය දෙසට ඔබ යනු” (යයි කියනු ලැබේ)
Surah Al-Mursalat, Verse 30
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ
(එහි සිසිළ ගෙන දෙන) සෙවණක්ද නොමැත. උෂ්ණත්වය සමනය කළ හැකි කිසිවක්ද නොතිඛෙණු ඇත
Surah Al-Mursalat, Verse 31
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ
(එහෙත්) විශාල මාලිගාවන් මෙන් ගිනි දැල් විහිදුවමින්ම තිඛෙණු ඇත
Surah Al-Mursalat, Verse 32
كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ
ඒවා කහ වර්ණයෙන් යුත් (විශාල) ඔටුවන් මෙන් දිස් වේ
Surah Al-Mursalat, Verse 33
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 34
هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ
එයම ඔවුන් කතා කිරීමට පවා ශක්තියක් නොලැඛෙන දිනයකි
Surah Al-Mursalat, Verse 35
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ
තවද ප්‍රශංසා කිරීමටද ඔවුන්ට අනුමැතියක් ලබා දෙනු නොලැබේ
Surah Al-Mursalat, Verse 36
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 37
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ
මෙයම විනිශ්චය දිනයයි. ඔබවත් (ඔබට) පෙර විසූවන්වද (විනිශ්චය සඳහා) අපි ඒකරාශී කර දමන්නෙමු
Surah Al-Mursalat, Verse 38
فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ
එබැවින් (එදිනදී ඔවුන්ට) “බේරීමට ඔබ වෙත යම්කිසි කුමන්ත්‍රණයක් තිඛෙන්නේ නම්, කර බලනු” (යයිද කියනු ලැබේ)
Surah Al-Mursalat, Verse 39
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
මෙය බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 40
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ
(එහෙත්) භය භක්තිකයින් නියත වශයෙන්ම (එදිනදී ස්වර්ගයන්හි ඇති ගස්වල) සෙවණෙහිද, (එහි අඩියේ ඇති) උල්පත්හිද, සිටිනු ඇත
Surah Al-Mursalat, Verse 41
وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ
ඔවුන් කැමති පලතුරු වර්ග ඔවුන්ට ඇත
Surah Al-Mursalat, Verse 42
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(ඔවුන්ට) “ඔබ කරමින් සිටින (හොඳ) ක්‍රියාවන්හි හේතුවෙන් ඕනෑතරම් මේවා අනුභව කර, පානය කරමින් සිටිනු” (යයි කියනු ලැබේ)
Surah Al-Mursalat, Verse 43
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම මේ අන්දමටම හොඳ කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු
Surah Al-Mursalat, Verse 44
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 45
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ
(මෙය බොරු කරන්නෙනි! මෙලොවදී) ඔබ අනුභව කර පොඩියක් සුවය විඳිනු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන්ය
Surah Al-Mursalat, Verse 46
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(දෙවියන්ගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 47
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ
ඔවුන්ට “(දෙවියන් ඉදිරියේ) ඔබ නැවී නමදිනු” යයි කියනු ලැබුවහොත් ඔවුන් නැවී නමදින්නේම නැත
Surah Al-Mursalat, Verse 48
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(ඔහුගේ මෙම නියෝගය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mursalat, Verse 49
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
මින් පසුව කුමන කාරණාවක් නම්, ඔවුන් විශ්වාස කරයිද
Surah Al-Mursalat, Verse 50