Surah An-Naba - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
عَمَّ يَتَسَآءَلُونَ
(නබියේ!) කුමක් ගැන ඔවුන් කෙනෙකුට කෙනෙකු විමසා ගන්නෙහුද
Surah An-Naba, Verse 1
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ
අති ශ්‍රේෂ්ඨ වූ පුවත ගැන (නොවේද)
Surah An-Naba, Verse 2
ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ
ඒ ගැන ඔවුන් පරස්පර විරෝධී (අදහස් දරමින්) සිටින්නාහ
Surah An-Naba, Verse 3
كَلَّا سَيَعۡلَمُونَ
(නොඑසේය). ඉතා ඉක්මනින් ඔවුන් (සත්‍යය) හොඳින් දැන ගන්නාහ
Surah An-Naba, Verse 4
ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ
අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් (එහි සත්‍යය) හොඳින් දැන ගන්නාහ
Surah An-Naba, Verse 5
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا
(මෙතරම් විශාල) භූමිය අපි (ඔබට) තොටිල්ලක් වශයෙන්ද
Surah An-Naba, Verse 6
وَٱلۡجِبَالَ أَوۡتَادٗا
කඳු, සවි කරන ලද ඇණ වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද
Surah An-Naba, Verse 7
وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا
ජෝඩු ජෝඩු වශයෙන් ඔබව අපිම උත්පාදනය කර ඇත්තෙමු
Surah An-Naba, Verse 8
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا
අපිම ඔබගේ නින්ද, (ඔබට) විරාමයක් බවට පත් කළෙමු
Surah An-Naba, Verse 9
وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا
අපිම රාත්‍රිය (ඔබට) පොරවණයක් බවට පත් කළෙමු
Surah An-Naba, Verse 10
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا
අපිම දහවල (ඔබගේ) ජීවනෝපාය (සොයා ගන්නා කාලය) බවට පත් කළෙමු
Surah An-Naba, Verse 11
وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا
ඔබට ඉහළින් ඇති ශක්තිමත් අහස් හතද අපිම නිර්මාණය කළෙමු
Surah An-Naba, Verse 12
وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا
එහි (සූර්යයා) ආලෝකය විහිදුවන (මිණි) පහනක් වශයෙන්ද නිර්මාණය කළෙමු
Surah An-Naba, Verse 13
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا
ඝන වලාකුළෙන් ඉමහත් වර්ෂාව වසින්නට සලස්වන්නෙමු
Surah An-Naba, Verse 14
لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا
එමගින් ධාන්‍යයද, පැළෑටිද, ගස් කොළන්ද පැළවෙන්නට සලස්වන්නෙමු
Surah An-Naba, Verse 15
وَجَنَّـٰتٍ أَلۡفَافًا
අතුවලින් ගහණ වූ උයන් වතුද (උත්පාදනය කරන්නෙමු)
Surah An-Naba, Verse 16
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا
නියත වශයෙන්ම (මොවුන් තර්ක කර, ප්‍රතික්ෂේප කරමින් සිටින) එම විනිශ්චය දිනයම (විනිශ්චය කිරීමට) නියමිත කාලය වන්නේය
Surah An-Naba, Verse 17
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا
(ඒ වෙනුවෙන්) සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී ඔබ සමූහ සමූහ වශයෙන් පැමිණෙනු ඇත
Surah An-Naba, Verse 18
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا
අහස විවර කරනු ලැබ, (එහි) විවිධ මාර්ගයන් ඇති වන්නේය
Surah An-Naba, Verse 19
وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا
කඳු (තම ස්ථානයෙන් බැහැර වී) තල්ලූ කරනු ලැබ, සුණු විසුණු වී (පාවී) යනු ඇත
Surah An-Naba, Verse 20
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا
නියත වශයෙන්ම නිරය (මෙම පාපතරයන්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන් සිටින්නේය
Surah An-Naba, Verse 21
لِّلطَّـٰغِينَ مَـَٔابٗا
(පාපතරයන් වන) මෙම සීමාව ඉක්මවූවන්ගේ වාසස්ථානය එයයි
Surah An-Naba, Verse 22
لَّـٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا
එහි ඔවුන් කල්ප කල්පාන්තයක් රැඳී සිටිනු ඇත
Surah An-Naba, Verse 23
لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا
ඔවුන් (වෙනත් කිසිම) පානයක් හෝ සිසිළක් හෝ සුවය විඳින්නේ නැත
Surah An-Naba, Verse 24
إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا
එහි උතුරණ ලෝදියත්, සැරවත් මිස
Surah An-Naba, Verse 25
جَزَآءٗ وِفَاقًا
(එය ඔවුන්ගේ ක්‍රියාවන්ට) සරිලන ඵලවිපාක වන්නේය
Surah An-Naba, Verse 26
إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا
(මන්දයත්) නියත වශයෙන්ම ඔවුන් (විනිශ්චය දින) ප්‍රශ්න ගණනය කිරීම විශ්වාස කළේම නැත
Surah An-Naba, Verse 27
وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا
අපගේ ආයාවන් බොරු කරමින්ම සිටියහ
Surah An-Naba, Verse 28
وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا
එහෙත් මේ සියල්ල අපි (අපගේ සටහන්) පොතෙහි සටහන් කර ගත්තෙමු
Surah An-Naba, Verse 29
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا
එබැවින් (විනිශ්චය දිනදී ඔවුන්ට) “දඬුවම මිස, අපි ඔබට (වෙන කිසිවක්) අධික නොකරන්නෙමු. එබැවින් (මෙය) විඳ බලනු” (යයි පවසන්නෙමු)
Surah An-Naba, Verse 30
إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا
(නමුත්) භය භක්තියෙන් යුත් අයට නම්, නියත වශයෙන්ම ඉමහත් භාග්‍යයන් ඇත
Surah An-Naba, Verse 31
حَدَآئِقَ وَأَعۡنَٰبٗا
(වාසය කිරීමට) උයන් වතුද, (අනුභවයට) මිදි පලතුරුද
Surah An-Naba, Verse 32
وَكَوَاعِبَ أَتۡرَابٗا
(භාර්යයාවන් වශයෙන්) සම වයසෙන් යුත් (රූපලාවන්‍යයෙන් පිරි) කන්‍යාවන්ද
Surah An-Naba, Verse 33
وَكَأۡسٗا دِهَاقٗا
(පානයන්ගෙන්) පිරි කුසලානද, (ඔවුන්ට ලැඛෙණු ඇත)
Surah An-Naba, Verse 34
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّـٰبٗا
එහිදී ඔවුන් කිසිම පුහු වදනක් හෝ බොරුවක් හෝ සවන් නොදෙන්නාහ
Surah An-Naba, Verse 35
جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا
(මේවා සියල්ල මොවුන්ගේ පින් වලට) සරිලන ඵලවිපාක වශයෙන්ම (ලැඛෙණු ඇත. ඊට අමතරව) ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් පරිත්‍යාග වශයෙන්ද, (තවත් බොහොමයක්ද ඔවුන්ට ලැඛෙණු ඇත)
Surah An-Naba, Verse 36
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا
ඔහුම අහස් හා භූමිය ආදී මේවා අතරේ ඇති සියල්ලේ අයිතිකරුය. අසීමිත දයාබරවන්තයෙකි. එහෙත් (එදිනදී කිසිවෙකුත්) ඔහු ඉදිරියේ කතා කිරීමට ශක්තියක් අත් කර නොගන්නාහ
Surah An-Naba, Verse 37
يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَـٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا
(ජිබ්රීල් නමැති පරිශුද්ධ) ආත්මයද, මලායිකාවරුන්ද, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සිටින එදිනදී කිසිවෙකුත් ඔහු ඉදිරියේ කතාද නොකරන්නාහ. එහෙත් කවුරුන් රහ්මාන්ගේ අනුමැතිය ලබා ගත් අතර සත්‍යය (පමණක්) කියන්නේද, ඔහු හැර
Surah An-Naba, Verse 38
ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
මෙවැනි දින (පැමිණීම) නියතය! එබැවින් කැමති අය තම දෙවියන් වෙතම වාසස්ථානය සොයා ගත යුතුය
Surah An-Naba, Verse 39
إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا
නියත වශයෙන්ම ඔබට සමීපවුණු එක් දඬුවමක් ගැන අපි අනතුරු අඟවන්නෙමු. එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදු කර) යැවූ දැය (තම දෑසින්) දැක ගන්නේය. ප්‍රතික්ෂේප කරන්නන් නම්, තමන් පස් බවට පත්වීම සිටියා නම් අගනේය නොවේදයි දෝඩවන්නාහ
Surah An-Naba, Verse 40