Surah An-Naziat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلنَّـٰزِعَٰتِ غَرۡقٗا
(පාපතරයින්ගේ ආත්මය) තදින් උදුරා ගන්නා අය මත සත්තකින්ම
Surah An-Naziat, Verse 1
وَٱلنَّـٰشِطَٰتِ نَشۡطٗا
(හොඳ අයගේ ආත්මය පහසුවෙන්) අත්පත් කර ගන්නා අය මත සත්තකින්ම
Surah An-Naziat, Verse 2
وَٱلسَّـٰبِحَٰتِ سَبۡحٗا
(අහසෙහිද, මුහුදෙහිද) අධි වේගයෙන් (පියාඹා) පිහිනා යන අය මත සත්තකින්ම
Surah An-Naziat, Verse 3
فَٱلسَّـٰبِقَٰتِ سَبۡقٗا
(දෙවියන්ගේ නියෝගය ඉටු කිරීමට) තරඟ කරමින් ඉදිරියට යන අය මතද සත්තකින්ම
Surah An-Naziat, Verse 4
فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا
සියලූ කාරණාවන්ම (දෙවියන්ගේ නියෝගයට අනුව) පරිපාලනය කරන අය මතද සත්තකින්ම
Surah An-Naziat, Verse 5
يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ
(දරුණු භූමි කම්පාවෙන් භූමිය) දැඩි ලෙස චලනය වන දිනදී
Surah An-Naziat, Verse 6
تَتۡبَعُهَا ٱلرَّادِفَةُ
(නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය)
Surah An-Naziat, Verse 7
قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ
එදිනදී හෘදයන් සියල්ල තිගැස්සී වෙව්ලමින් තිඛෙණු ඇත
Surah An-Naziat, Verse 8
أَبۡصَٰرُهَا خَٰشِعَةٞ
ඔවුන්ගේ බැල්ම නම්, (බියෙන්) පහත හෙළමින් තිඛෙණු ඇත
Surah An-Naziat, Verse 9
يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ
(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් මෙය ප්‍රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?”
Surah An-Naziat, Verse 10
أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ
“(එයත්) අපි දිරා පත් වී ඇට කටු බවට පත් වූ පසුද, (පණ ලබා දී නැගිට්ටවනු ලබන්නෙමුද?)” යයි පවසන්නාහ
Surah An-Naziat, Verse 11
قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ
“එසේ නම්, එය ඉමහත් අලාභ සහිත ආපසු ගැනීමකි” යයිද ඔවුන් (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ
Surah An-Naziat, Verse 12
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ
(මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි
Surah An-Naziat, Verse 13
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
එවෙලේම ඔවුන් (සියල්ලන්ම පණ ලැබී නැගිට විත්) එක්තරා ස්ථානයක ඒකරාශී වන්නාහ
Surah An-Naziat, Verse 14
هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
(නබියේ!) මූසාගේ පුවත ඔබට ළඟා වූවේද
Surah An-Naziat, Verse 15
إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى
‘තුවා’ නමැති පරිශුද්ධ වූ ඇළට ඔහුගේ දෙවියන් ඔහුව කැඳවා
Surah An-Naziat, Verse 16
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
“නියත වශයෙන්ම ෆිර්අව්න් සීමාව ඉක්මවා ගියේය
Surah An-Naziat, Verse 17
فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
ඔබ ඔහු වෙත ගොස් (ඔහුට “පාපයන්ගෙන් ඈත්ව) ඔබ පරිශුද්ධවන්තයෙකු බවට පත් වීමට කැමැත්තෙහිද?”
Surah An-Naziat, Verse 18
وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ
“(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය)
Surah An-Naziat, Verse 19
فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ
(මූසා ඔහු වෙත ගොස් එසේ පවසා) විශාල ප්‍රාතිහාර්යයක්ද ඔහුට පෙන්වූවේය
Surah An-Naziat, Verse 20
فَكَذَّبَ وَعَصَىٰ
එහෙත් ඔහු නම්, (එය) බොරු කර, (ඔහු කියූ දැයට) වෙනස්කම් කළේය
Surah An-Naziat, Verse 21
ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ
පසුව (ඔහුව) ප්‍රතික්ෂේප කර, (ඔහුට විපත් කිරීමටද) උත්සාහ කළේය
Surah An-Naziat, Verse 22
فَحَشَرَ فَنَادَىٰ
මේ වෙනුවෙන් (තම ජනතාව) ඒකරාශී කර, (ඔවුන්ට) නිවේදනයක්ද නිකුත් කළේය
Surah An-Naziat, Verse 23
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ
(ඔවුන්ට) “මමයි ඔබට උසස් දෙවියන්” යයිද පැවසුවේය
Surah An-Naziat, Verse 24
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ
එබැවින් අල්ලාහ් ඔහුව මෙලොව හා පරලොව දඬුවම මගින් අල්ලා ගත්තේය
Surah An-Naziat, Verse 25
إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ
ඇත්තෙන්ම බිය වන්නන්ට මෙහි එක්තරා හොඳ පාඩමක් ඇත්තේය
Surah An-Naziat, Verse 26
ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا
(මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් ඔහු උත්පාදනය කළ අහසද
Surah An-Naziat, Verse 27
رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا
ඔහුම එහි මුදුන ඔසවා එය සැලසුම් කළේය
Surah An-Naziat, Verse 28
وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا
එබැවින් එහි රාත්‍රිය අන්ධකාර කර, (සූර්යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය
Surah An-Naziat, Verse 29
وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ
මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය
Surah An-Naziat, Verse 30
أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا
ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය
Surah An-Naziat, Verse 31
وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا
කඳුද ඔහුම එහි ස්ථීරවත් කළේය
Surah An-Naziat, Verse 32
مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
ඔබටද ඔබගේ සතුන්ටද ප්‍රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය)
Surah An-Naziat, Verse 33
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ
(විනිශ්චය දින) ඉමහත් වූ විපත පැමිණියහොත්
Surah An-Naziat, Verse 34
يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ
මිනිසා කළ සෑම දැයක්ම එදිනදී ඔහුගේ මතකයට නැගෙනු ඇත
Surah An-Naziat, Verse 35
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ
බලන්නෙකුට (පෙණෙන අන්දමට) නිරය ඉදිරියට ගෙනැවිත් තබනු ඇත
Surah An-Naziat, Verse 36
فَأَمَّا مَن طَغَىٰ
කවුරුන් සීමාව ඉක්මවා (විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කර)
Surah An-Naziat, Verse 37
وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
මෙලොව ජීවිතය තෝරා ගත්තේද
Surah An-Naziat, Verse 38
فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය නිරයයි
Surah An-Naziat, Verse 39
وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්‍රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද
Surah An-Naziat, Verse 40
فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි
Surah An-Naziat, Verse 41
يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا
(නබියේ!) විනිශ්චය දිනය ගැන එය කවදා එන්නේදැයි ඔබගෙන් ඔවුන් විමසන්නාහ
Surah An-Naziat, Verse 42
فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ
ඒ ගැන ඔබ මතක් කර (දීම මිස, පවසන්නට) ඇත්තේ කුමක්ද
Surah An-Naziat, Verse 43
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
එහි අවසානය නම්, ඔබ දෙවියන් වෙතම ඇත්තේය
Surah An-Naziat, Verse 44
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا
ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව)
Surah An-Naziat, Verse 45
كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا
එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත
Surah An-Naziat, Verse 46