UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Naziat - Sinhala Translation by Www.islamhouse.com


وَٱلنَّـٰزِعَٰتِ غَرۡقٗا

සාහසික ලෙස (දුෂ්ටයන්ගේ ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්
Surah An-Naziat, Verse 1


وَٱلنَّـٰشِطَٰتِ نَشۡطٗا

තවද මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්
Surah An-Naziat, Verse 2


وَٱلسَّـٰبِحَٰتِ سَبۡحٗا

(කැරුණික ක්‍රියාවන්හි) පාවෙමින් පිහිනන්නන් මත ද දිවුරමින්
Surah An-Naziat, Verse 3


فَٱلسَّـٰبِقَٰتِ سَبۡقٗا

තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Surah An-Naziat, Verse 4


فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا

තවද කටයුතු සැලසුම් කරන්නන් මත ද (දිවුරමින්)
Surah An-Naziat, Verse 5


يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ

එදින මහත් කම්පනයකින් (ලොව) කම්පනය වේ
Surah An-Naziat, Verse 6


تَتۡبَعُهَا ٱلرَّادِفَةُ

එයට අනුපිළිවෙළින් කම්පනය නැවත සිදු වනු ඇත
Surah An-Naziat, Verse 7


قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ

එදින හදවත් (බියෙන්) තැති ගනියි
Surah An-Naziat, Verse 8


أَبۡصَٰرُهَا خَٰشِعَةٞ

ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී
Surah An-Naziat, Verse 9


يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ

“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ” යි ඔවුහු පවසති
Surah An-Naziat, Verse 10


أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ

“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ නම් ද?”
Surah An-Naziat, Verse 11


قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ

“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති
Surah An-Naziat, Verse 12


فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ

එහෙත් එය එක් භයානක හඬක් පමණි
Surah An-Naziat, Verse 13


فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති
Surah An-Naziat, Verse 14


هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

මූසාගේ තොරතුරු (නබිවරය) ඔබට ලැබුණේද
Surah An-Naziat, Verse 15


إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى

ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට
Surah An-Naziat, Verse 16


ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ

ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත
Surah An-Naziat, Verse 17


فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ

එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි විමසනු
Surah An-Naziat, Verse 18


وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ

තවද මා නුඹට මඟ පෙන්වන්නෙමි. එවිට නුඹ නුඹගේ පරමාධිපතිට බියබැතිමත් වෙයි
Surah An-Naziat, Verse 19


فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ

එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය
Surah An-Naziat, Verse 20


فَكَذَّبَ وَعَصَىٰ

නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා (ඔහුට)පිටුපෑවේය
Surah An-Naziat, Verse 21


ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ

පසු ව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය
Surah An-Naziat, Verse 22


فَحَشَرَ فَنَادَىٰ

එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට (ඔවුන් ව) ඇමතුවේය
Surah An-Naziat, Verse 23


فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ

එවිට “මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි“ යැයි ඔහු පැවසුවේය
Surah An-Naziat, Verse 24


فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ

එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය
Surah An-Naziat, Verse 25


إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ

නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත
Surah An-Naziat, Verse 26


ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا

මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය
Surah An-Naziat, Verse 27


رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا

ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය
Surah An-Naziat, Verse 28


وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا

තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය
Surah An-Naziat, Verse 29


وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ

තවද මහපොළොව ඉන් පසුව (නියමාකාරයෙන්) ඔහු එය දිග හැරියේය
Surah An-Naziat, Verse 30


أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا

ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය
Surah An-Naziat, Verse 31


وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا

තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය
Surah An-Naziat, Verse 32


مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි
Surah An-Naziat, Verse 33


فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ

එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට
Surah An-Naziat, Verse 34


يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ

එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය
Surah An-Naziat, Verse 35


وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ

තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි
Surah An-Naziat, Verse 36


فَأَمَّا مَن طَغَىٰ

එහෙයින් සීමාව උල්ලංඝනය කර
Surah An-Naziat, Verse 37


وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී
Surah An-Naziat, Verse 38


فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ

සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ
Surah An-Naziat, Verse 39


وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ

තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී
Surah An-Naziat, Verse 40


فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ

සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ
Surah An-Naziat, Verse 41


يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا

එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති
Surah An-Naziat, Verse 42


فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ

ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද
Surah An-Naziat, Verse 43


إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ

එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය
Surah An-Naziat, Verse 44


إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا

ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි
Surah An-Naziat, Verse 45


كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا

සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත
Surah An-Naziat, Verse 46


Author: Www.islamhouse.com


<< Surah 78
>> Surah 80

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai