UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Abasa - Sinhala Translation by Www.islamhouse.com


عَبَسَ وَتَوَلَّىٰٓ

ඔහු මුහුණ හකුළා හැරුනේය
Surah Abasa, Verse 1


أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ

(එසේ සිදු කළේ) අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය)
Surah Abasa, Verse 2


وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද
Surah Abasa, Verse 3


أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ

එසේ නැතහොත් ඔහු (ඔබේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද)
Surah Abasa, Verse 4


أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී
Surah Abasa, Verse 5


فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය
Surah Abasa, Verse 6


وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත
Surah Abasa, Verse 7


وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ

තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී
Surah Abasa, Verse 8


وَهُوَ يَخۡشَىٰ

බිය බැතිමත් වී
Surah Abasa, Verse 9


فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ

ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය
Surah Abasa, Verse 10


كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ

එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි
Surah Abasa, Verse 11


فَمَن شَآءَ ذَكَرَهُۥ

එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා
Surah Abasa, Verse 12


فِي صُحُفٖ مُّكَرَّمَةٖ

(මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය
Surah Abasa, Verse 13


مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය)
Surah Abasa, Verse 14


بِأَيۡدِي سَفَرَةٖ

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි)
Surah Abasa, Verse 15


كِرَامِۭ بَرَرَةٖ

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි)
Surah Abasa, Verse 16


قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ

මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද
Surah Abasa, Verse 17


مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ

කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද
Surah Abasa, Verse 18


مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය
Surah Abasa, Verse 19


ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ

අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය
Surah Abasa, Verse 20


ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ

පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය
Surah Abasa, Verse 21


ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ

පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය
Surah Abasa, Verse 22


كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ

නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය
Surah Abasa, Verse 23


فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා
Surah Abasa, Verse 24


أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا

සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු
Surah Abasa, Verse 25


ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا

පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු
Surah Abasa, Verse 26


فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු
Surah Abasa, Verse 27


وَعِنَبٗا وَقَضۡبٗا

මිදි හා එළවළු ද (හට ගැන්වූයෙමු)
Surah Abasa, Verse 28


وَزَيۡتُونٗا وَنَخۡلٗا

ඔලිව් හා රටඉඳි ගස් ද
Surah Abasa, Verse 29


وَحَدَآئِقَ غُلۡبٗا

ඝණ උයන් ද
Surah Abasa, Verse 30


وَفَٰكِهَةٗ وَأَبّٗا

පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු)
Surah Abasa, Verse 31


مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

(මේ සියල්ල) නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙනි
Surah Abasa, Verse 32


فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ

එබැවින් මහා හඬ පැමිණි විට
Surah Abasa, Verse 33


يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත
Surah Abasa, Verse 34


وَأُمِّهِۦ وَأَبِيهِ

ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත)
Surah Abasa, Verse 35


وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත)
Surah Abasa, Verse 36


لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ

එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත
Surah Abasa, Verse 37


وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී
Surah Abasa, Verse 38


ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී)
Surah Abasa, Verse 39


وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී
Surah Abasa, Verse 40


تَرۡهَقُهَا قَتَرَةٌ

අඳුර ඒවා වසා ගනු ඇත
Surah Abasa, Verse 41


أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ

ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ
Surah Abasa, Verse 42


Author: Www.islamhouse.com


<< Surah 79
>> Surah 81

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai