UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Abasa - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


عَبَسَ وَتَوَلَّىٰٓ

(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. ප්‍රතික්ෂේප කළේය. (කුමක් සඳහාද)
Surah Abasa, Verse 1


أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ

තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය
Surah Abasa, Verse 2


وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

(නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද
Surah Abasa, Verse 3


أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ

නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද
Surah Abasa, Verse 4


أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ

(එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද
Surah Abasa, Verse 5


فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය
Surah Abasa, Verse 6


وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ

ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද)
Surah Abasa, Verse 7


وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ

කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද
Surah Abasa, Verse 8


وَهُوَ يَخۡشَىٰ

ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි
Surah Abasa, Verse 9


فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ

එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය
Surah Abasa, Verse 10


كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ

එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි
Surah Abasa, Verse 11


فَمَن شَآءَ ذَكَرَهُۥ

කවුරුන් (ඍජු මාර්ගයෙහි යාමට) කැමති වන්නේද, ඔහු මෙයට (සවන් දී) මතකයේ තබා ගන්නේය
Surah Abasa, Verse 12


فِي صُحُفٖ مُّكَرَّمَةٖ

මෙම අල්කුර්ආනය ඉතාමත් ගෞරවණීය පුස්තකයකි
Surah Abasa, Verse 13


مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ

ඉතාමත් ශ්‍රේෂ්ඨය, පරිශුද්ධය (ලව්හුල් මහ්ෆූල් නමැති)
Surah Abasa, Verse 14


بِأَيۡدِي سَفَرَةٖ

ඉතාමත් ගෞරවණීය හොඳ අය වන ලියන්නන්ගේ අත්වලින් (ලියන ලදී)
Surah Abasa, Verse 15


كِرَامِۭ بَرَرَةٖ

ඔවුහු ගෞරවාන්විතය පිරිසිදුය
Surah Abasa, Verse 16


قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ

(පාපයන් කරන) මිනිසාට විනාශයයි! ඔහු කොපමණ කෙළෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේද
Surah Abasa, Verse 17


مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ

කුමක් මගින් ඔහුව උත්පාදනය කරනු ලැබ ඇත්තේද (යන්න ඔහු අවධානය කළෙහිද)
Surah Abasa, Verse 18


مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැලසුම් කළේය
Surah Abasa, Verse 19


ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ

පසුව ඔහු (කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය
Surah Abasa, Verse 20


ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ

පසුව ඔහුව මරණයට පත් වීමට සලස්වා, සොහොනෙහි ඔහුව ඇතුළු කර හරින්නේය
Surah Abasa, Verse 21


ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ

පසුව ඔහු කැමති අවස්ථාවක (පණ දී) ඔහුව නැගිට්ටවන්නේය
Surah Abasa, Verse 22


كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ

එහෙත් නියත වශයෙන්ම ඔහු, ඔහුගේ නියෝගයන් ඉටු කරන්නේ නැත
Surah Abasa, Verse 23


فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

තවද මිනිසා තමන්ගේ ආහාරය, (එය කොහි සිට, කෙසේ නම් පැමිණෙන්නේද යන්න පොඩියක්) අවධානය කර බැලිය යුතුය
Surah Abasa, Verse 24


أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا

නියත වශයෙන්ම අපිම බොහෝ ජලය වසින්නට සලස්වා
Surah Abasa, Verse 25


ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا

පසුව භූමියද, පුපුරා (පැළෙන්නට සලස්වා)
Surah Abasa, Verse 26


فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا

පසුව එයින් බීජයන් පැළවී වැඩෙන්නට සලස්වන්නෙමු
Surah Abasa, Verse 27


وَعِنَبٗا وَقَضۡبٗا

(මෙසේ) මිදි (පලතුරු) ද (වෙනත්) එළවළුද
Surah Abasa, Verse 28


وَزَيۡتُونٗا وَنَخۡلٗا

සෙයිතූන් (ඔලිව්)ද, ඉඳිද
Surah Abasa, Verse 29


وَحَدَآئِقَ غُلۡبٗا

ඝනට වැඩුණු අතුවලින් පිරි වතුද
Surah Abasa, Verse 30


وَفَٰكِهَةٗ وَأَبّٗا

පලතුරු වර්ගද, තණ, ගස්වැල් ආදියද
Surah Abasa, Verse 31


مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

ඔබටද ඔබගේ සතුන්ටද, ප්‍රයෝජනවත් වන සේ ඉකුත් කරන්නෙමු
Surah Abasa, Verse 32


فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ

(යුග අවසන් වන විට) කණ් බිහිර වන තරමට (භයානක) ශබ්දයක් ඇති වන්නේ නම්
Surah Abasa, Verse 33


يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ

එදිනදී මිනිසා (තිගැස්සී) තම සහෝදරයාගෙන්ද
Surah Abasa, Verse 34


وَأُمِّهِۦ وَأَبِيهِ

තම මවගෙන්ද, තම පියාගෙන්ද
Surah Abasa, Verse 35


وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

තම භාර්යයාවගෙන්ද, තම දරුවන්ගෙන්ද ඈත් වී වේගයෙන් දුවන්නේය
Surah Abasa, Verse 36


لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ

එදිනදී ඔවුන්ගෙන් සෑම මිනිසෙකුටම අන් අයව සලකන්නට නොහැකි තත්වයක් ඇති වනු ඇත
Surah Abasa, Verse 37


وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ

(එහෙත්) එදිනදී සමහර මුහුණු අලෝකමත්ව ඇති ඒවා වශයෙන්ද
Surah Abasa, Verse 38


ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ

සන්තෝෂයෙන් සිනහමුසු ඒවා වශයෙන්ද ඇත
Surah Abasa, Verse 39


وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ

එදිනදී වෙනත් සමහර මුහුණු මත දූවිලි වැදී තිඛෙණු ඇත
Surah Abasa, Verse 40


تَرۡهَقُهَا قَتَرَةٌ

(ශෝකයෙන්) අන්ධකාර වී තිඛෙණු ඇත
Surah Abasa, Verse 41


أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ

මොවුන්ම (විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කර, පාපයන් කරන්නන්ය
Surah Abasa, Verse 42


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 79
>> Surah 81

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai