UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah At-Takwir - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ

(යුග අවසානය සඳහා) සූර්යයාගේ ආලෝකය මැකී යන විට
Surah At-Takwir, Verse 1


وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ

තාරකාවන්ගේ දීප්තිමත් ආලෝකය සිඳී කඩා වැටෙන විට
Surah At-Takwir, Verse 2


وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ

කඳු තල්ලූ කර, පාවෙන්නට සලස්වන විට
Surah At-Takwir, Verse 3


وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ

(දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව (බැඳ ඇති දැය ලෙහී) ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට
Surah At-Takwir, Verse 4


وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ

කැලේ සතුන් (ගම්වල) ඒකරාශී කරනු ලබන විට
Surah At-Takwir, Verse 5


وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ

මුහුදු උතුරා (ගොද ගොද ගා) නටන්නට සලස්වන විට
Surah At-Takwir, Verse 6


وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ

ජීවීන්ව ඒකරාශී කරනු ලබන විට
Surah At-Takwir, Verse 7


وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ

පණපිටින් වළලනු ලැබූ ගැහැනු දරුවන්ට
Surah At-Takwir, Verse 8


بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ

“කුමන වරදක් සඳහා ඔබව (පණපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?”යි විමසනු ලබන්නාහ
Surah At-Takwir, Verse 9


وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ

(විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට
Surah At-Takwir, Verse 10


وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ

අහස (පැළී) ඈත් කරනු ලබන විට
Surah At-Takwir, Verse 11


وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ

නිරය දවනු ලබන විට
Surah At-Takwir, Verse 12


وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ

ස්වර්ගය (අලංකාරවත් කරනු ලැබ), සමීපයට ගෙන එනු ලබන විට
Surah At-Takwir, Verse 13


عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ

සෑම ආත්මයක්ම (පින් හෝ පව් හෝ) තම ඉදිරියේ තිබීම හොඳින් දැන ගනු ඇත
Surah At-Takwir, Verse 14


فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ

(මිනිසුනේ!) වේගයෙන් දිව ගොස් සැඟවී යා හැකි මාර්ගයේම
Surah At-Takwir, Verse 15


ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ

නැවත නැවතත් ගමන් කරන ග්‍රහයන් මත සත්තකින්ම
Surah At-Takwir, Verse 16


وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ

ගමන් කරන රාත්‍රිය මතද සත්තකින්ම
Surah At-Takwir, Verse 17


وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ

උදා වන අළුයම මත සත්තකින්ම
Surah At-Takwir, Verse 18


إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

නියත වශයෙන්ම (ශුද්ධ වූ කුර්ආනය නමැති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නමැති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය
Surah At-Takwir, Verse 19


ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ

ඔහු ඉතාමත් බලසම්පන්නයෙකි. අර්ෂ්හි හිමි වෙතින් ඉමහත් පදවි අයත් කෙනෙකි
Surah At-Takwir, Verse 20


مُّطَاعٖ ثَمَّ أَمِينٖ

(ඔහු එහි සිටින මලායිකාවරුන්-ගෙන්) ප්‍රධානියාය. තවද ඉතාමත් විශ්වාසවන්තයෙකි
Surah At-Takwir, Verse 21


وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ

(මක්කාවාසීනී! අපගේ දූතයා වන) ඔබගේ මිතුරා පිස්සෙකු නොවන්නේය
Surah At-Takwir, Verse 22


وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ

නියත වශයෙන්ම ඔහු (ජිබ්රීල් වන) ඔහුව පැහැදිලි වූ පහළ අහසෙහි ඇත්තෙන්ම දුටුවේය
Surah At-Takwir, Verse 23


وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ

ඔහු (ඒ අවස්ථාවේ දුටු) සැඟවුණු දැය (දැනුම් දීමෙහි) මසුරුකම් කරන්නෙකු නොව
Surah At-Takwir, Verse 24


وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ

තවද මෙය එළවන ලද ෂෙයිතාන්ගේ වදනක්ද නොව
Surah At-Takwir, Verse 25


فَأَيۡنَ تَذۡهَبُونَ

එබැවින් (මෙය අත්හැර) ඔබ කොහේ නම් දුවන්නෙහුද
Surah At-Takwir, Verse 26


إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ

මෙය ලෝකයන් සියල්ලට ඔවදනක්ම මිස, වෙන කිසිවක් නැත
Surah At-Takwir, Verse 27


لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ

ඔබගෙන් කවුරුන් ඍජු මාර්ගයෙහි යාමට කැමති වන අයටද
Surah At-Takwir, Verse 28


وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ

එහෙත් ලෝකයන්ගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (හොඳ වැටහීමක් ලබා ගැනීමට) කැමති නොවන්නෙහුය
Surah At-Takwir, Verse 29


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 80
>> Surah 82

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai