Surah AL-Infitar - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
(යුග අවසානයේදී) අහස පුපුරා
Surah AL-Infitar, Verse 1
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
තාරකාවන් සී සීකඩ වී
Surah AL-Infitar, Verse 2
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
මුහුදු ඉවත් කරනු ලැබ
Surah AL-Infitar, Verse 3
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
සොහොන්ද විවර කරනු ලැබුවහොත් (මරණයට පත් වූවන්ට පණ ලැබී නැගිට)
Surah AL-Infitar, Verse 4
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
සෑම ආත්මයක්ම තමන් (ලොවෙහි) පෙර (සිදු කර) එවන ලද දැයද, (ලොවෙහි) තමන් අත්හැර දමා තිබූ දැයද හොඳින් දැන ගනු ඇත
Surah AL-Infitar, Verse 5
يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
මිනිසාණෙනි! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද
Surah AL-Infitar, Verse 6
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය
Surah AL-Infitar, Verse 7
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ
ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබගේ අවයවයන්) සවි කළේය
Surah AL-Infitar, Verse 8
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
එහෙත් (මිනිසුනේ!) ඵලවිපාක දෙන දිනය ඔබම බොරු කරන්නෙහුය
Surah AL-Infitar, Verse 9
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
නියත වශයෙන්ම ඔබ කෙරෙහි ආරක්ෂකයින් පත් කරනු ලැබ ඇත්තේය
Surah AL-Infitar, Verse 10
كِرَامٗا كَٰتِبِينَ
ඔවුන් (මලායිකාවරුන්ගෙන් වූ) ගෞරවණීය ලියන්නන් දෙදෙනෙකි
Surah AL-Infitar, Verse 11
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
ඔබ කරන දැය සියල්ල ඔවුන් (නිවැරදිව) දැන (ලියා) ගන්නාහ
Surah AL-Infitar, Verse 12
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ
එබැවින් නියත වශයෙන්ම හොඳ අය (ස්වර්ගයෙහි) ඉමහත් සතුටු සුවයෙන් සිටිනු ඇත
Surah AL-Infitar, Verse 13
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ
නියත වශයෙන්ම පාපතරයින් නිරයෙහිම සිටිනු ඇත
Surah AL-Infitar, Verse 14
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
ඵලවිපාක දෙන දිනදී එයම ඔවුන් අත්කර ගන්නාහ
Surah AL-Infitar, Verse 15
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
ඔවුන් එයින් සැඟවී (බේරී දිව) යන්නට නොහැක
Surah AL-Infitar, Verse 16
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
(නබියේ!) ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබ දන්නෙහිද
Surah AL-Infitar, Verse 17
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබට දැනුම් දෙන්නේ කිමෙක්ද
Surah AL-Infitar, Verse 18
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ
එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය
Surah AL-Infitar, Verse 19