Surah AL-Infitar - Sinhala Translation by Www.islamhouse.com
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
අහස පිපිරී වෙන් ව ගිය විට
Surah AL-Infitar, Verse 1
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට
Surah AL-Infitar, Verse 2
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
තවද සමුද්‍රයන් පුපුරා යන විට
Surah AL-Infitar, Verse 3
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට
Surah AL-Infitar, Verse 4
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත
Surah AL-Infitar, Verse 5
يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද
Surah AL-Infitar, Verse 6
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
(නුඹගේ පරමාධිපතිවූ) ඔහු නුඹ ව මවා පසුව නුඹව උසස් අන්දමට නිර්මාණය කර (ඔබේ හැඩරුව) නියමිත ආකාරයට සැකසුවේය
Surah AL-Infitar, Verse 7
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹව මැව්වේය
Surah AL-Infitar, Verse 8
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය
Surah AL-Infitar, Verse 9
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත
Surah AL-Infitar, Verse 10
كِرَامٗا كَٰتِبِينَ
(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති
Surah AL-Infitar, Verse 11
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය
Surah AL-Infitar, Verse 12
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය
Surah AL-Infitar, Verse 13
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය
Surah AL-Infitar, Verse 14
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය
Surah AL-Infitar, Verse 15
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති
Surah AL-Infitar, Verse 16
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද
Surah AL-Infitar, Verse 17
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද
Surah AL-Infitar, Verse 18
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය
Surah AL-Infitar, Verse 19