Surah Al-Mutaffifin - Sinhala Translation by Www.islamhouse.com
وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ
කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය
Surah Al-Mutaffifin, Verse 1
ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ
තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරාගන්නෝය
Surah Al-Mutaffifin, Verse 2
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ
කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති
Surah Al-Mutaffifin, Verse 3
أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ
නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද
Surah Al-Mutaffifin, Verse 4
لِيَوۡمٍ عَظِيمٖ
මහත් වූ දිනයක
Surah Al-Mutaffifin, Verse 5
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත
Surah Al-Mutaffifin, Verse 6
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය
Surah Al-Mutaffifin, Verse 7
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ
(නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද
Surah Al-Mutaffifin, Verse 8
كِتَٰبٞ مَّرۡقُومٞ
(එය මිනිසාගේ සියලු ක්‍රියාවන් ගැන) ලියන ලද වාර්තා පොතකි
Surah Al-Mutaffifin, Verse 9
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
මුසා බස් පවසන්නන් හට එදින විනාශයය
Surah Al-Mutaffifin, Verse 10
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
මොවුන් වූ කලී විනිශ්චය දිනය බොරු කරමින් සිටිති
Surah Al-Mutaffifin, Verse 11
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරන්නේය
Surah Al-Mutaffifin, Verse 12
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි
Surah Al-Mutaffifin, Verse 13
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත
Surah Al-Mutaffifin, Verse 14
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ
නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය
Surah Al-Mutaffifin, Verse 15
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති
Surah Al-Mutaffifin, Verse 16
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ
Surah Al-Mutaffifin, Verse 17
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය
Surah Al-Mutaffifin, Verse 18
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද
Surah Al-Mutaffifin, Verse 19
كِتَٰبٞ مَّرۡقُومٞ
(එය) ලියන ලද වාර්තා පොතකි
Surah Al-Mutaffifin, Verse 20
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය
Surah Al-Mutaffifin, Verse 21
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති
Surah Al-Mutaffifin, Verse 22
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටින්නෝය
Surah Al-Mutaffifin, Verse 23
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත
Surah Al-Mutaffifin, Verse 24
يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය
Surah Al-Mutaffifin, Verse 25
خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා
Surah Al-Mutaffifin, Verse 26
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය
Surah Al-Mutaffifin, Verse 27
عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක්ය
Surah Al-Mutaffifin, Verse 28
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය
Surah Al-Mutaffifin, Verse 29
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය
Surah Al-Mutaffifin, Verse 30
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය
Surah Al-Mutaffifin, Verse 31
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති
Surah Al-Mutaffifin, Verse 32
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය
Surah Al-Mutaffifin, Verse 33
فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ
එහෙයින් අද දින විශ්වාස කළ අය, ( ප්‍රතික්ෂේපකයින් මෙලොවේදී විශ්වාස වන්තයින්ට සිනාසුනාක් මෙන් ඔවුන්) දෙස බලා සිනාසෙන්නෝය
Surah Al-Mutaffifin, Verse 34
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
සුව පහසු කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය
Surah Al-Mutaffifin, Verse 35
هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ
ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය)
Surah Al-Mutaffifin, Verse 36