UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Inshiqaq - Sinhala Translation by Www.islamhouse.com


إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ

අහස පැළී යන විට
Surah Al-Inshiqaq, Verse 1


وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී
Surah Al-Inshiqaq, Verse 2


وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ

මහපොළොව සමතලා කරනු ලැබ
Surah Al-Inshiqaq, Verse 3


وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ

එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී
Surah Al-Inshiqaq, Verse 4


وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී
Surah Al-Inshiqaq, Verse 5


يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ

අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය
Surah Al-Inshiqaq, Verse 6


فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ

එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී
Surah Al-Inshiqaq, Verse 7


فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا

ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත
Surah Al-Inshiqaq, Verse 8


وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا

තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත
Surah Al-Inshiqaq, Verse 9


وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ

තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී
Surah Al-Inshiqaq, Verse 10


فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا

ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත
Surah Al-Inshiqaq, Verse 11


وَيَصۡلَىٰ سَعِيرًا

තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත
Surah Al-Inshiqaq, Verse 12


إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا

නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය
Surah Al-Inshiqaq, Verse 13


إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ

නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය
Surah Al-Inshiqaq, Verse 14


بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا

එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය
Surah Al-Inshiqaq, Verse 15


فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ

තවද ගොම්මන මත ද මම දිවුරමි
Surah Al-Inshiqaq, Verse 16


وَٱلَّيۡلِ وَمَا وَسَقَ

රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි)
Surah Al-Inshiqaq, Verse 17


وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ

චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි)
Surah Al-Inshiqaq, Verse 18


لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ

සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය
Surah Al-Inshiqaq, Verse 19


فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ

එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද
Surah Al-Inshiqaq, Verse 20


وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩

තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති
Surah Al-Inshiqaq, Verse 21


بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ

නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය
Surah Al-Inshiqaq, Verse 22


وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ

තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය
Surah Al-Inshiqaq, Verse 23


فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ

එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු
Surah Al-Inshiqaq, Verse 24


إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ

නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ (යහ) ප්‍රතිඵල ඇත
Surah Al-Inshiqaq, Verse 25


Author: Www.islamhouse.com


<< Surah 83
>> Surah 85

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai