Surah Al-Inshiqaq - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
අහස පැළී දෙකඩ වී යන විට
Surah Al-Inshiqaq, Verse 1
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
තම දෙවියන්ගේ නියෝගයට සවන් දී, එයට නියම කර ඇති පරිදි
Surah Al-Inshiqaq, Verse 2
وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ
භූමියද දිග හැරෙන විට
Surah Al-Inshiqaq, Verse 3
وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ
තමන් වෙත ඇති දැය සියල්ල වීසි කර, හිස් එකක් බවට පත් කරන විට
Surah Al-Inshiqaq, Verse 4
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
තම දෙවියන්ගේ නියෝගයට සවන් දී එයට නියම කර ඇති පරිදි (යුග අවසානය හමු වනු ඇත)
Surah Al-Inshiqaq, Verse 5
يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ
මිනිසාණෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතු වල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින්ම සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමු වන්නෙහිය
Surah Al-Inshiqaq, Verse 6
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
එබැවින් (එදිනදී) කවුරුන්ගේ දකුණු අතෙහි ඔහුගේ ක්‍රියාකාරම් සටහන ලබා දෙනු ලැබ ඇත්තේද
Surah Al-Inshiqaq, Verse 7
فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا
ඔහුගෙන් ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න ගණනය විමසනු ලබන්නේය
Surah Al-Inshiqaq, Verse 8
وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا
ඔහු සතුටට පත් වූවෙකු වශයෙන් (ස්වර්ගයෙහි සිටින) තමන්ගේ පවුලේ උදවිය වෙත ආපසු හැරෙන්නේය
Surah Al-Inshiqaq, Verse 9
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ
කවුරුන්ගේ ක්‍රියාකාරකම් සටහන ඔහුගේ පිට කොන්ද පැත්තෙන් දෙනු ලබන්නේද
Surah Al-Inshiqaq, Verse 10
فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا
ඔහු (තමන්ට) විනාශයයි යයි කෑගසමින්ම
Surah Al-Inshiqaq, Verse 11
وَيَصۡلَىٰ سَعِيرًا
දැවෙන ගින්න සහිත නිරයට ඇතුළු වන්නේය
Surah Al-Inshiqaq, Verse 12
إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا
මන්දයත් නියත වශයෙන්ම ඔහු (මෙලොව සිටි කාලය පුරා පරලොව අමතක කර දමා) තම පවුලේ උදවිය සමග ඉතාමත් ආනන්ද ජනකව සිටියේය
Surah Al-Inshiqaq, Verse 13
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
ඇත්තෙන්ම ඔහු (තම දෙවියන් වෙත) ආපසු එන්නේම නැත යයිද අදහස් කරමින් සිටියේය
Surah Al-Inshiqaq, Verse 14
بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا
එය නිවැරදි නොව. නියත වශයෙන්ම ඔහුගේ දෙවියන් ඔහුව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය
Surah Al-Inshiqaq, Verse 15
فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ
සවස් කාලයේ රත් පැහැති අහස මත සත්තකින්ම
Surah Al-Inshiqaq, Verse 16
وَٱلَّيۡلِ وَمَا وَسَقَ
රාත්‍රිය මතද, එය සැඟවී ඇති දැය මතද සත්තකින්ම
Surah Al-Inshiqaq, Verse 17
وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ
පූරණ සඳ මතද සත්තකින්ම
Surah Al-Inshiqaq, Verse 18
لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ
(එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත
Surah Al-Inshiqaq, Verse 19
فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ
එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් මෙය විශ්වාස කරන්නේ නැත
Surah Al-Inshiqaq, Verse 20
وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩
ඔවුන්ට මෙම කුර්ආනය කියවා පෙන්වනු ලැබූවා වුවද, (දෙවියන්ව) ඔවුන් හිස බිම තබා නමදින්නේ නැත
Surah Al-Inshiqaq, Verse 21
بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ
එපමණක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් (මෙම කුර්ආනයම) බොරු කරන්නාහ
Surah Al-Inshiqaq, Verse 22
وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ
එහෙත් මොවුන් (තම මනසෙහි) එක්රැස් කර (සඟවා) තබා ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය
Surah Al-Inshiqaq, Verse 23
فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ
එබැවින් (නබියේ!) වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔවුන්ට ඔබ ශුභාරංචි පවසනු මැනව
Surah Al-Inshiqaq, Verse 24
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ
එහෙත් මොවුන්ගෙන් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (සදාකල්) අවසන් නොවන (හොඳ) ඵලවිපාකම ඇත
Surah Al-Inshiqaq, Verse 25