Surah Al-Mutaffifin - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ
මිණුමෙහි වංචා කරන්නන්ට විනාශයයි
Surah Al-Mutaffifin, Verse 1
ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ
ඔවුන් මිනිසුන් වෙතින් මැණ ලබා ගන්නේ නම්, පිරෙන්නට මැණ ගන්නාහ
Surah Al-Mutaffifin, Verse 2
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ
ඔවුන් අන් අයට මැණ ලබා දෙන්නේ නම් අඩු කර, (ඔවුන්ට පාඩු කර) දමන්නාහ
Surah Al-Mutaffifin, Verse 3
أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ
ශ්‍රේෂ්ඨ වූ දිනකදී
Surah Al-Mutaffifin, Verse 4
لِيَوۡمٍ عَظِيمٖ
නියත වශයෙන්ම ඔවුන්ට (පණ දී) නැගිට්ටවනු ලබන්නාහ යන්න ඔවුන් විශ්වාස කළේ නැද්ද
Surah Al-Mutaffifin, Verse 5
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
එදිනදී මිනිසුන් සියල්ලන්ම ලෝකයන්හි දෙවියන් ඉදිරියේ (විනිශ්චය සඳහා) සිටගෙන සිටිනු ඇත
Surah Al-Mutaffifin, Verse 6
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ
එහෙත් නියත වශයෙන්ම පාපතරයින්ගේ ලයිස්තුව සිජ්ජීන්හි ඇත්තේය
Surah Al-Mutaffifin, Verse 7
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ
(නබියේ!) සිජ්ජීන් යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද
Surah Al-Mutaffifin, Verse 8
كِتَٰبٞ مَّرۡقُومٞ
(එය එක්තරා සටහන්) පොතකි. (දඬුවම් කරනු ලැබිය යුතු අයගේ නම් සියල්ල එහි) සටහන් කරනු ලැබ ඇත්තේය
Surah Al-Mutaffifin, Verse 9
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
(මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි
Surah Al-Mutaffifin, Verse 10
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
ඔවුන් (මෙය පමණක්ද බොරු කරන්නේ?) ඵලවිපාක ලබා දෙන දිනයද බොරු කරන්නාහ
Surah Al-Mutaffifin, Verse 11
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
සීමාව ඉක්මවූ පාපතරයින් සියල්ලන්ම හැර (වෙන කිසිවෙකුත්) එය බොරු කරන්නේ නැත
Surah Al-Mutaffifin, Verse 12
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
ඔහුට අපගේ ආයාවන් කියවා පෙන්වනු ලැබුවහොත් මෙය පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා යයි ඔහු පවසන්නේය
Surah Al-Mutaffifin, Verse 13
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
නියත වශයෙන්ම එසේ නොව. ඔවුන් කරමින් සිටි (නපුරු) ක්‍රියාවන්ම ඔවුන්ගේ හෘදයන්හි මලකඩ කැලලක් මෙන් පතිත විය. (එබැවින්ම මෙසේ පවසන්නාහ)
Surah Al-Mutaffifin, Verse 14
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ
(විනිශ්චය සඳහා ගෙන එනු ලබන) එදිනදී නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ගේ (වරප්‍රසාදයන්)ගෙන් ඈත්ව වළක්වනු ලබන්නාහ
Surah Al-Mutaffifin, Verse 15
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
පසුව නියත වශයෙන්ම මොවුන් නිරයෙහි වැටෙනු ඇත
Surah Al-Mutaffifin, Verse 16
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
පසුව (මොවුන්ට) “ඔබ බොරු කරමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ
Surah Al-Mutaffifin, Verse 17
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
නියත වශයෙන්ම පින් කරන අයගේ ලැයිස්තුව ඉල්ලියියූන් නමැති (උසස්) ස්ථානයෙහි ඇත්තේය
Surah Al-Mutaffifin, Verse 18
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
(නබියේ!) ඉල්ලියියූන් යනු කිමෙක්දැයි යන්න ඔබට දැනුම් දෙන්නේ කුමක්ද
Surah Al-Mutaffifin, Verse 19
كِتَٰبٞ مَّرۡقُومٞ
එය එක්තරා සටහන් පොතකි. එහි (හොඳ අයගේ නම් සියල්ල) සටහන් වී ඇත්තේය
Surah Al-Mutaffifin, Verse 20
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
මුකර්රබ් වන මලායිකාවරුන් එය (රැක) බලාගෙන සිටින්නාහ
Surah Al-Mutaffifin, Verse 21
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
එබැවින් නියත වශයෙන්ම හොඳ අය (එදිනදී) ස්වර්ගයේ සුව සැපයෙහි
Surah Al-Mutaffifin, Verse 22
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
(උසස් ආසනයන් මත) හාන්සි වී (ස්වර්ගයෙහි සිදුවීම්) බලමින් සිටිනු ඇත
Surah Al-Mutaffifin, Verse 23
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
(නබියේ!) ඔවුන්ගේ මුහුණු මගින්ම ඔවුන්ගේ ස්වභාවයේ සශ්‍රීකත්වය ඔබ දැනගන්නෙහිය
Surah Al-Mutaffifin, Verse 24
يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ
මුද්‍රා තබනු ලැබ ඇති කළවම් නොවුන මිදි යුෂ ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ
Surah Al-Mutaffifin, Verse 25
خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
එය කස්තුරි වලින් මුද්‍රා තබනු ලැබ ඇත. (පානය කිරීමට) උත්සාහ දරන්නන් එයම උත්සාහ කරත්වා
Surah Al-Mutaffifin, Verse 26
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
එහි තස්නීම් නමැති පානයද කළවම් කර තිඛෙණු ඇත
Surah Al-Mutaffifin, Verse 27
عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
(තස්නීම් යනු පෞද්ගලිකව අල්ලාහ්ට) සමීපස්තයන්ගේ පානය සඳහා යයි ඇති වී තිඛෙණ එක්තරා උල්පතක ජලය වන්නේය
Surah Al-Mutaffifin, Verse 28
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
නියත වශයෙන්ම වැරදිකරුවන් නම්, (අද දින) විශ්වාසය තැබූවන්ව දැක සිනාසෙන්නාහ
Surah Al-Mutaffifin, Verse 29
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
ඔවුන් ළඟින් ගියහොත් (සමච්චලයෙන් මෙන් තමන් තුළ) කෙනෙකුට කෙනෙකු ඇසි පිළ්ලම් ගසා ඉඟි කර ගන්නාහ
Surah Al-Mutaffifin, Verse 30
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
(ඔවුන්ගෙන් ඈත් වී) තමන්ගේ පවුලේ උදවිය වෙත ගියා වුවද, (නැවතත්) ඔවුන්ගේ කාරණාවෙහි (සමච්චල් කර කතා කරමින්) සතුටට පත් වන්නාහ
Surah Al-Mutaffifin, Verse 31
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ
(අතර මගදී) ඔවුන් මොවුන්ව දුටුවහොත් (මොවුන්ව ගෙනහැර දක්වා) “නියත වශයෙන්ම මොවුන් මාර්ගය වැරද ගියහ” යයිද පවසන්නාහ
Surah Al-Mutaffifin, Verse 32
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
(විශ්වාසවන්තයින් ගැන කුමක් නිසා නම් මොවුන් මෙතරම් දුක් වන්නෙහුද?) මොවුන් ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් යවනු ලැබුවේ නැත නොවෙද
Surah Al-Mutaffifin, Verse 33
فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ
එහෙත් (විනිශ්චය දිනය වන) අද දින විශ්වාසය තැබූවන් එම ප්‍රතික්ෂේප කරන්නන්ව දැක සිනාසෙන්නාහ
Surah Al-Mutaffifin, Verse 34
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
(ස්වර්ගයෙහි ඇති උසස්) ආසනයන් මත (හාන්සි වී) සිටිමින් (මෙම පාපතරයින් විඳින දඬුවම) බලමින්
Surah Al-Mutaffifin, Verse 35
هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ
“(විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කළ මොවුන්ට, මොවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබුවේද?” (යයිද විමසනු ඇත)
Surah Al-Mutaffifin, Verse 36