Surah Al-Burooj - Sinhala Translation by Www.islamhouse.com
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද
Surah Al-Burooj, Verse 1
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද
Surah Al-Burooj, Verse 2
وَشَاهِدٖ وَمَشۡهُودٖ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.(පවසමි)
Surah Al-Burooj, Verse 3
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය
Surah Al-Burooj, Verse 4
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
ඉන්ධන වලින් යුක්ත ගින්නක් වේ
Surah Al-Burooj, Verse 5
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය
Surah Al-Burooj, Verse 6
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය)
Surah Al-Burooj, Verse 7
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය
Surah Al-Burooj, Verse 8
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය
Surah Al-Burooj, Verse 9
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත
Surah Al-Burooj, Verse 10
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය
Surah Al-Burooj, Verse 11
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය
Surah Al-Burooj, Verse 12
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය
Surah Al-Burooj, Verse 13
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය
Surah Al-Burooj, Verse 14
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ඔහු ය
Surah Al-Burooj, Verse 15
فَعَّالٞ لِّمَا يُرِيدُ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය
Surah Al-Burooj, Verse 16
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද
Surah Al-Burooj, Verse 17
فِرۡعَوۡنَ وَثَمُودَ
ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද)
Surah Al-Burooj, Verse 18
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය
Surah Al-Burooj, Verse 19
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය
Surah Al-Burooj, Verse 20
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ
Surah Al-Burooj, Verse 21
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
(කිසිඳු වෙනසකට බඳුන් නොවෙන ආකාරයට) ඵලකයෙහි ලේඛණ ගත කර ආරක්ෂා කර ඇත
Surah Al-Burooj, Verse 22