Surah At-Tariq - Sinhala Translation by Www.islamhouse.com
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
අහස මත ද තාරික් මත ද දිවුරමින්
Surah At-Tariq, Verse 1
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද
Surah At-Tariq, Verse 2
ٱلنَّجۡمُ ٱلثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි
Surah At-Tariq, Verse 3
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ
නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත
Surah At-Tariq, Verse 4
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා
Surah At-Tariq, Verse 5
خُلِقَ مِن مَّآءٖ دَافِقٖ
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය
Surah At-Tariq, Verse 6
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ
කොන්ද හා පපු පෙදෙස අතරින් එය පිට වේ
Surah At-Tariq, Verse 7
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය
Surah At-Tariq, Verse 8
يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ
රහස්‍ය දෑ පිරික්සනු ලබන දින
Surah At-Tariq, Verse 9
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත
Surah At-Tariq, Verse 10
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ
තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්
Surah At-Tariq, Verse 11
وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්
Surah At-Tariq, Verse 12
إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ
සැබැවින්ම එය තීරණාත්මක වදනකි
Surah At-Tariq, Verse 13
وَمَا هُوَ بِٱلۡهَزۡلِ
තවද එය සරදමක් නොවේ
Surah At-Tariq, Verse 14
إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති
Surah At-Tariq, Verse 15
وَأَكِيدُ كَيۡدٗا
මම ද සැලසුමක් සැලසුම් කරමි
Surah At-Tariq, Verse 16
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු
Surah At-Tariq, Verse 17