Surah At-Tariq - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම
Surah At-Tariq, Verse 1
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ
(නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද
Surah At-Tariq, Verse 2
ٱلنَّجۡمُ ٱلثَّاقِبُ
(එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි
Surah At-Tariq, Verse 3
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ
සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ
Surah At-Tariq, Verse 4
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ
එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය
Surah At-Tariq, Verse 5
خُلِقَ مِن مَّآءٖ دَافِقٖ
(ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය
Surah At-Tariq, Verse 6
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ
එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය
Surah At-Tariq, Verse 7
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ
(මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි
Surah At-Tariq, Verse 8
يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ
කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද
Surah At-Tariq, Verse 9
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ
(එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත
Surah At-Tariq, Verse 10
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ
වර්ෂාව වසිනා අහස මතද
Surah At-Tariq, Verse 11
وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ
(පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද
Surah At-Tariq, Verse 12
إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ
සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි
Surah At-Tariq, Verse 13
وَمَا هُوَ بِٱلۡهَزۡلِ
මෙය පුහු සමච්චල් (වදනක්) නොව
Surah At-Tariq, Verse 14
إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا
(නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ
Surah At-Tariq, Verse 15
وَأَكِيدُ كَيۡدٗا
මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි
Surah At-Tariq, Verse 16
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا
එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු
Surah At-Tariq, Verse 17