Surah Al-Ala - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
(නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව
Surah Al-Ala, Verse 1
ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි
Surah Al-Ala, Verse 2
وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය
Surah Al-Ala, Verse 3
وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය
Surah Al-Ala, Verse 4
فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය
Surah Al-Ala, Verse 5
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
(නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත
Surah Al-Ala, Verse 6
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය
Surah Al-Ala, Verse 7
وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු
Surah Al-Ala, Verse 8
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු
Surah Al-Ala, Verse 9
سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය
Surah Al-Ala, Verse 10
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය
Surah Al-Ala, Verse 11
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
(එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය
Surah Al-Ala, Verse 12
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත
Surah Al-Ala, Verse 13
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය
Surah Al-Ala, Verse 14
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය
Surah Al-Ala, Verse 15
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය
Surah Al-Ala, Verse 16
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය
Surah Al-Ala, Verse 17
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද
Surah Al-Ala, Verse 18
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය
Surah Al-Ala, Verse 19