Surah Al-Ghashiya - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
(නබියේ! සියල්ලන්වම) වටකර ගත හැකි (විනිශ්චය දිනය ගැන වූ) පුවත ඔබට ලැබුනේද
Surah Al-Ghashiya, Verse 1
وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ
එදිනදී සමහර මුහුණු අවමානයට ලක්ව
Surah Al-Ghashiya, Verse 2
عَامِلَةٞ نَّاصِبَةٞ
බියෙන් මළානික වී දුබළව තිඛෙණු ඇත
Surah Al-Ghashiya, Verse 3
تَصۡلَىٰ نَارًا حَامِيَةٗ
දළු ලා දැවෙන ගින්නට ඒවා යනු ඇත
Surah Al-Ghashiya, Verse 4
تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ
(ඔවුන්ට පිපාසය ඇති වුවහොත්) උණු වී නටන එක් උල්පතක ජලය බොන්නට සලස්වනු ඇත
Surah Al-Ghashiya, Verse 5
لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ
එහි ඔවුන්ට (තිත්ත අත්තන) කටු හැර, වෙන කිසිවක් ආහාර වශයෙන් ලැඛෙන්නේ නැත
Surah Al-Ghashiya, Verse 6
لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ
(එමගින් ඔවුන්ගේ ශරීරය) වැඩෙන්නේද නැත. (ඔවුන්ගේ) කුස ගින්න නිවෙන්නේද නැත
Surah Al-Ghashiya, Verse 7
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ
(එහෙත්) එදිනදී වෙනත් සමහර මුහුණු නම්, ඉතාමත් ප්‍රබෝදමත්ව ඇත්තේය
Surah Al-Ghashiya, Verse 8
لِّسَعۡيِهَا رَاضِيَةٞ
(මෙලොවදී) තමන් කළ (හොඳ) කාරණාවන් ගැන තෘප්තියට පත්ව
Surah Al-Ghashiya, Verse 9
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් වූ ස්වර්ගයෙහි සිටිනු ඇත
Surah Al-Ghashiya, Verse 10
لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ
එහි කිසිම පුහු වදනකට සවන් දෙන්නේ නැත
Surah Al-Ghashiya, Verse 11
فِيهَا عَيۡنٞ جَارِيَةٞ
එහි (මොවුන්ට පානය කිරීමට) සදාකල් ගලමින් ඇති (පැහැදිලි) එක් උල්පතක් ඇත
Surah Al-Ghashiya, Verse 12
فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ
එහි (මොවුන්ට වාඩි වීමට) උසස් ආසනයන් ඇත
Surah Al-Ghashiya, Verse 13
وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ
(විවිධ වර්ගයේ පානයන් පිරි) බඳුන් (මොවුන් ඉදිරියේ) තිඛෙනු ඇත
Surah Al-Ghashiya, Verse 14
وَنَمَارِقُ مَصۡفُوفَةٞ
(මොවුන්ට හාන්සි වී සිටීමට) පුළුන් කොට්ට පේළියට තබන්නට යෙදී තිඛෙණු ඇත
Surah Al-Ghashiya, Verse 15
وَزَرَابِيُّ مَبۡثُوثَةٌ
උසස් ඇතිරිළි (මොවුන්ගේ යටින්) අතුරා තිඛෙණු ඇත. (මෙවැනි සැප සම්පත් වලින් යුත් ස්ථානයන්හි හොඳ වහලූන් සිටිනු ඇත)
Surah Al-Ghashiya, Verse 16
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ
(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් - තමන් වෙත ඇති) ඔටුවා හෝ (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් උත්පාදනය කර ඇත්තේද
Surah Al-Ghashiya, Verse 17
وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ
(ඔවුන්ට ඉහළින් ඇති) අහසද, (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම්, උඩට ඔසවා ඇත්තේද
Surah Al-Ghashiya, Verse 18
وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ
(ඔවුන් ඉදිරියේ දිස්වන) කඳුද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) ඒවා කෙසේ නම් සිටවනු ලැබ ඇත්තේද
Surah Al-Ghashiya, Verse 19
وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ
(ඔවුන් වාසය කරන) භූමියද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් දිග හරිනු ලැබ ඇත්තේද
Surah Al-Ghashiya, Verse 20
فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ
එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි
Surah Al-Ghashiya, Verse 21
لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ
(ඒ අන්දමටම කටයුතු කරන මෙන්) ඔවුන්ට ඔබ බල කරන්නට හැකි කෙනෙකු නොව
Surah Al-Ghashiya, Verse 22
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
එහෙත් කවුරුන් ඈත් වී ප්‍රතික්ෂේප කරන්නේද
Surah Al-Ghashiya, Verse 23
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ
ඔහුට අල්ලාහ් ඉමහත් දඬුවම් දෙනු ඇත
Surah Al-Ghashiya, Verse 24
إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ
නියත වශයෙන්ම ඔවුන් සියල්ලන්ම අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය
Surah Al-Ghashiya, Verse 25
ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم
පසුව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න ගණනය කිරීමද අපගේ යුතුකමක් වශයෙන් ඇත්තේය
Surah Al-Ghashiya, Verse 26