Surah Al-Fajr - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلۡفَجۡرِ
අළුයම් කාලය මතද
Surah Al-Fajr, Verse 1
وَلَيَالٍ عَشۡرٖ
රාත්‍රීන් දහයක් මතද
Surah Al-Fajr, Verse 2
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ
ඔත්තේ ඉරත්තේ (සලාතයන්) මතද
Surah Al-Fajr, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَسۡرِ
ගමන් ගන්නා රාත්‍රිය මතද, සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දිනය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය)
Surah Al-Fajr, Verse 4
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ
මෙහි බුද්ධිය ඇති අයට (විශ්වාසය ලබා දිය හැකි) විශාල සත්‍යයක් ඇත්තේය නොවෙද
Surah Al-Fajr, Verse 5
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
(නබියේ!) ආද් ජනයාව ඔබගේ දෙවියන් කෙසේ නම් (දඬුවම්) කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද
Surah Al-Fajr, Verse 6
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ
උස් වූ කුළුණු වලින් යුත් ඉරම් වාසීන්ය
Surah Al-Fajr, Verse 7
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ
ඔවුන් වැනි (ශක්තිවන්තයින් ලොවෙහි ඇති) නගරයන්හි (කිසි තැනක) උත්පාදනය කරනු ලැබුවේ නැත
Surah Al-Fajr, Verse 8
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ
එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ
Surah Al-Fajr, Verse 9
وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ
එහෙත් සේනාංකයන් හිමි ෆිර්අව්න්ව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද)
Surah Al-Fajr, Verse 10
ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ
මොවුන් සියල්ලන්ම භූමියෙහි සීමාව ඉක්මවාම කටයුතු කළහ
Surah Al-Fajr, Verse 11
فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ
එහිදී ඔවුන් ඉතාමත් අධික වශයෙන්ම අපරාධ කරමින්ම සිටියහ
Surah Al-Fajr, Verse 12
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ
එබැවින් ඔබගේ දෙවියන් ඔවුන් කෙරෙහි දඬුවමේ කසයන් මගින් (පහරක් මත පහරක් වශයෙන්) පහර දුන්නේය
Surah Al-Fajr, Verse 13
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (මෙම පාපතරයින්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන්ම සිටින්නේය
Surah Al-Fajr, Verse 14
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ
එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය
Surah Al-Fajr, Verse 15
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ
එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය
Surah Al-Fajr, Verse 16
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ
(කාරණාව නම්) එසේ නොව. ඔබ අනාථයින්ව ගෞරව කළේද නැත
Surah Al-Fajr, Verse 17
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
(ඔබ) දුප්පතුන්ට ආහාර (සැපයූවේද නැති අතර වෙන කිසිවෙකුත්) ලබා දෙන මෙන් පෙළඹුවේද නැත
Surah Al-Fajr, Verse 18
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا
(අන් අයට) උරුම වූ වස්තුවද අධික තන්හාවෙන් (උදුරාගෙන) ගිල දමන්නෙහුය
Surah Al-Fajr, Verse 19
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا
ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය තරමට වස්තුවට ආශා කරන්නෙහුය
Surah Al-Fajr, Verse 20
كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا
එබැවින් භූමිය කුඩේ කුඩු කර (දූවිලි) බවට තලා දමනු ලබන අවස්ථාවේදී
Surah Al-Fajr, Verse 21
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا
ඔබගේ දෙවියන්ද පැමිණෙනු ඇත. මලායිකාවරුන්ද කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත
Surah Al-Fajr, Verse 22
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ
(පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදා වන) බුද්ධියෙන් ඔහුට කුමන ප්‍රයෝජනයක්ද
Surah Al-Fajr, Verse 23
يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي
“මගේ (පරලොව) ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවේද!” යයි ප්‍රලාප ෙදාඩවනු ඇත
Surah Al-Fajr, Verse 24
فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ
එදිනදී (පාපතරයින්ව) ඔහු කරන දඬුවම මෙන් වෙන කිසිවෙකුත් (කිසිවෙකුටත්) කරන්නේ නැත. (එතරම් දරුණු ලෙස ඔහු දඬුවම් කරන්නේය)
Surah Al-Fajr, Verse 25
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ
(පාපතරයින්ව) ඔහු බැඳ දමන්නාක් මෙන් (තදින්) වෙන කිසිවෙකුත් බඳින්නේද නැත. (එතරම් තදින් ඔහු බඳිනු ඇත)
Surah Al-Fajr, Verse 26
يَـٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ
(එහෙත් එදිනදී හොඳ වහලූන්ට) “ඕ තෘප්තියට පත් ආත්මය
Surah Al-Fajr, Verse 27
ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ
ඔබ, ඔබගේ දෙවියන් දෙසට යනු! ඔහු මඟින් ඔබ තෘප්තියට පත් වනු! ඔබ ගැන ඔහු තෘප්තියට පත් වී ඇත්තේය
Surah Al-Fajr, Verse 28
فَٱدۡخُلِي فِي عِبَٰدِي
ඔබ මගේ හොඳ වහලූන් සමග එකතු වී
Surah Al-Fajr, Verse 29
وَٱدۡخُلِي جَنَّتِي
මගේ ස්වර්ගයෙහිද ඔබ ඇතුළු වනු!” (යයිද පවසනු ඇත)
Surah Al-Fajr, Verse 30