UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Balad - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ

(නබියේ! ආරක්ෂාව සපයන) මෙම නගරය මත දිව්රන්නෙමි
Surah Al-Balad, Verse 1


وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ

එයත් ඔබ මෙම නගරයෙහි රැඳී සිටිය හැකි අවස්ථාවේදී
Surah Al-Balad, Verse 2


وَوَالِدٖ وَمَا وَلَدَ

(මනුෂ්‍යයාගේ) දෙමව්පියන් (වන ආදම් අෙලෙහිස්සලාම්) මතද, ඔහු බිහි කළ දරුවන් මතද සත්තකින්ම
Surah Al-Balad, Verse 3


لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ

ඇත්තෙන්ම අපි මිනිසාව අමාරුකමෙහි (ගැලී සිටින්නෙකු වශයෙන්ම) උත්පාදනය කර ඇත්තෙමු
Surah Al-Balad, Verse 4


أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ

(එසේ තිබියදී) ඔහු තමන්ව යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි යයි අදහස් කළේද
Surah Al-Balad, Verse 5


يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا

“බොහෝ වස්තූන් මා (හරිහම්බ කර වියදම් කර) විනාශ කර දැමුවෙමි” යයි ඔහු (උඞඟූ වී ආඩම්බර බස්) ෙදාඩන්නේය
Surah Al-Balad, Verse 6


أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ

(මෙසේ ආඩම්බර බස් ෙදාඩණ) ඔහුව කිසිවෙකුත් දැක්කේ නැතැයි ඔහු සිතා ගත්තෙහිද
Surah Al-Balad, Verse 7


أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ

(බැලිය හැකි) ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද
Surah Al-Balad, Verse 8


وَلِسَانٗا وَشَفَتَيۡنِ

(එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. කතා කළ හැකි) දිවක්ද, තොල් දෙකක්ද, (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද?) නැත
Surah Al-Balad, Verse 9


وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ

(පින්, පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැනුම් දුන්නෙමු
Surah Al-Balad, Verse 10


فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ

එහෙත් (මෙතෙක්) ඔහු ‘අකබා’ව තරනය කළේ නැත
Surah Al-Balad, Verse 11


وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ

(නබියේ!) අකබා යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද
Surah Al-Balad, Verse 12


فَكُّ رَقَبَةٍ

(එය) එක් වහලෙකු නිදහස් කිරීමයි
Surah Al-Balad, Verse 13


أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ

නැතහොත් දරිධ්‍රතාවයෙන් කුස ගින්නෙන් පෙළෙන කෙනෙකුට හෝ
Surah Al-Balad, Verse 14


يَتِيمٗا ذَا مَقۡرَبَةٍ

ඥාතීන්ගෙන් වූ කුස ගින්නෙන් පෙළෙන එක් අනාථයෙකුට හෝ
Surah Al-Balad, Verse 15


أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ

නැතහොත් දරිධ්‍රතාවයෙන් පොලොව කාගෙන සිටින එක් දුප්පතෙකුට (කුස ගින්නෙන් වූ) එක් දිනක ආහාර ලබා දීම වන්නේය
Surah Al-Balad, Verse 16


ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ

(මීට අමතරව) විශ්වාසය තබා කෙනෙකුට කෙනෙකු ඉවසීම මගින් හොඳ ඔවදන් දෙමින්ද, අනුකම්පාව මගින් කෙනෙකුට කෙනෙකු හොඳ ඔවදන් දෙමින්ද සිටින්නන්ගෙන්ද වීම වන්නේය
Surah Al-Balad, Verse 17


أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

මෙවැන්නන්ම දකුණු පාර්ශවයේ සිටින්නන්ය
Surah Al-Balad, Verse 18


وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

තවද කවුරුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ම වම් පාර්ශවයේ වූ අයයි
Surah Al-Balad, Verse 19


عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ

ඔවුන්ව නිරයෙහි දමා (සියලූ මාර්ගයන්) වසා දමනු ලැබේ
Surah Al-Balad, Verse 20


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 89
>> Surah 91

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai