Surah Al-Balad - Sinhala Translation by Www.islamhouse.com
لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි
Surah Al-Balad, Verse 1
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී
Surah Al-Balad, Verse 2
وَوَالِدٖ وَمَا وَلَدَ
පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි
Surah Al-Balad, Verse 3
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ
සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු
Surah Al-Balad, Verse 4
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද
Surah Al-Balad, Verse 5
يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි
Surah Al-Balad, Verse 6
أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද
Surah Al-Balad, Verse 7
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ
අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද
Surah Al-Balad, Verse 8
وَلِسَانٗا وَشَفَتَيۡنِ
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද)
Surah Al-Balad, Verse 9
وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු
Surah Al-Balad, Verse 10
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය
Surah Al-Balad, Verse 11
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද
Surah Al-Balad, Verse 12
فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම හෝ
Surah Al-Balad, Verse 13
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ
සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ
Surah Al-Balad, Verse 14
يَتِيمٗا ذَا مَقۡرَبَةٍ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ)
Surah Al-Balad, Verse 15
أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ
අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ)
Surah Al-Balad, Verse 16
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ
Surah Al-Balad, Verse 17
أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ
Surah Al-Balad, Verse 18
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ
Surah Al-Balad, Verse 19
عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ
ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත
Surah Al-Balad, Verse 20