Surah Al-Fajr - Sinhala Translation by Www.islamhouse.com
وَٱلۡفَجۡرِ
අරුණෝදය මත ද දිවුරමින්
Surah Al-Fajr, Verse 1
وَلَيَالٍ عَشۡرٖ
දස රාත්‍රියන් මත ද (දිවුරමින්)
Surah Al-Fajr, Verse 2
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ
ඉරට්ටේ හා ඔත්තේ මත ද (දිවුරමින්)
Surah Al-Fajr, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَسۡرِ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්
Surah Al-Fajr, Verse 4
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද
Surah Al-Fajr, Verse 5
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද
Surah Al-Fajr, Verse 6
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ
එය කුලුනු වලින් යුක්තය
Surah Al-Fajr, Verse 7
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබූ (හ)
Surah Al-Fajr, Verse 8
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත්, (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද)
Surah Al-Fajr, Verse 9
وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ
රිටි වලට හිමිකම් පෑ ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද)
Surah Al-Fajr, Verse 10
ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා සැරිසැරූහ
Surah Al-Fajr, Verse 11
فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය
Surah Al-Fajr, Verse 12
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත වේදනාවේ කසය (දඬුවම) හෙළුවේය
Surah Al-Fajr, Verse 13
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ
සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරී ව සිටින්නාය
Surah Al-Fajr, Verse 14
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි
Surah Al-Fajr, Verse 15
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ
තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි
Surah Al-Fajr, Verse 16
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය
Surah Al-Fajr, Verse 17
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය
Surah Al-Fajr, Verse 18
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا
තවද නුඹලා උරුමයන් (නීත්‍යනුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය
Surah Al-Fajr, Verse 19
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය
Surah Al-Fajr, Verse 20
كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا
එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි
Surah Al-Fajr, Verse 21
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය
Surah Al-Fajr, Verse 22
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද
Surah Al-Fajr, Verse 23
يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي
“අහෝ! මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි
Surah Al-Fajr, Verse 24
فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි
Surah Al-Fajr, Verse 25
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබන්නේය
Surah Al-Fajr, Verse 26
يَـٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ
“අහෝ සැනසුමට පත් ආත්මය
Surah Al-Fajr, Verse 27
ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු
Surah Al-Fajr, Verse 28
فَٱدۡخُلِي فِي عِبَٰدِي
එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු
Surah Al-Fajr, Verse 29
وَٱدۡخُلِي جَنَّتِي
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු
Surah Al-Fajr, Verse 30