Surah Ash-Shams - Sinhala Translation by Www.islamhouse.com
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්
Surah Ash-Shams, Verse 1
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
එය පසුපසින් හඹා යන සඳු මත ද
Surah Ash-Shams, Verse 2
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
දහවල එය ඔප් නංවන විට එය මත ද
Surah Ash-Shams, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද
Surah Ash-Shams, Verse 4
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
අහස හා එය ගොඩ නැගූ දෑ මත ද
Surah Ash-Shams, Verse 5
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද
Surah Ash-Shams, Verse 6
وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا
ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්
Surah Ash-Shams, Verse 7
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ගැනද, එහි ධාර්මිකතාව ගැනද හැඟීම ඇති කළේය
Surah Ash-Shams, Verse 8
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය
Surah Ash-Shams, Verse 9
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය
Surah Ash-Shams, Verse 10
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය
Surah Ash-Shams, Verse 11
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට
Surah Ash-Shams, Verse 12
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය
Surah Ash-Shams, Verse 13
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය
Surah Ash-Shams, Verse 14
وَلَا يَخَافُ عُقۡبَٰهَا
තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත
Surah Ash-Shams, Verse 15