Surah Ash-Shams - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
සූර්යයා මතද, එහි ආලෝකය මතද
Surah Ash-Shams, Verse 1
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
(එය අවරට ගිය) පසු එය පසුපස උදා වන චන්ද්‍රයා මතද
Surah Ash-Shams, Verse 2
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
(සූර්යයා) ආලෝකවත් වන දහවල මතද
Surah Ash-Shams, Verse 3
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
(එය) වසා ගන්නා රාත්‍රිය මතද අහස මතද
Surah Ash-Shams, Verse 4
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
එය උත්පාදනය කළ අය මතද
Surah Ash-Shams, Verse 5
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
භූමිය මතද එය දිග හැරූ අය මතද
Surah Ash-Shams, Verse 6
وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا
ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද
Surah Ash-Shams, Verse 7
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම
Surah Ash-Shams, Verse 8
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය
Surah Ash-Shams, Verse 9
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය
Surah Ash-Shams, Verse 10
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
සමූද් නමැති සමූහය (සාලිහ් නබිව) තමන්ගේ අපරාධය මගින් බොරුකාරයා කළහ
Surah Ash-Shams, Verse 11
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
ඔවුන්ගෙන් වූ එක් අභාග්‍යවන්තයෙකු ඉදිරියට පැමිණි විට
Surah Ash-Shams, Verse 12
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
අල්ලාහ්ගේ දූතයා (වන සාලිහ් නබි) ඔවුන්ට “(මෙය) අල්ලාහ්ගේ ඔටු දෙනකි. (මෙයට වේදනා නොකරද) මෙයට වතුර බීම (වළක්වා නොකරද) අත්හැර දමනු” යයි පැවසුවේය
Surah Ash-Shams, Verse 13
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
එහෙත් ඔවුන් ඔහුව බොරුකර, උගේ කකුලේ නහරය කපා දැමූහ. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම පාපයෙහි හේතුවෙන් ඔවුන් කෙරෙහි දඬුවම පහළ කර, ඔවුන් සියල්ලන්වම (බිමට) සමතලා කර දැමුවේය
Surah Ash-Shams, Verse 14
وَلَا يَخَافُ عُقۡبَٰهَا
මෙම තීරණය ගැන (තමන්ව පළි ගනු ලබාවිදෝ යයි) ඔහු බිය වූවේ නැත
Surah Ash-Shams, Verse 15