Surah Al-Lail - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ
(සියල්ල) සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම
Surah Al-Lail, Verse 1
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
ආලෝකමත් දහවල මත සත්තකින්ම
Surah Al-Lail, Verse 2
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
පිරිමි, ගැහැනුන්ව උත්පාදනය කළ අය මත සත්තකින්ම
Surah Al-Lail, Verse 3
إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ
(මිනිසුනේ!) නියත වශයෙන්ම ඔබගේ උත්සාහයන් විවිධ අන්දමට ඇත්තේය
Surah Al-Lail, Verse 4
فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ
එබැවින් (ඔබගෙන්) කවුරුන් දානමාන කර, (අල්ලාහ්ට) බිය වී
Surah Al-Lail, Verse 5
وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ
(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද (හොඳ යයි) සත්‍යය කර තබන්නේද
Surah Al-Lail, Verse 6
فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ
ඔහුට (ස්වර්ගයට අයත් ඍජු) මාර්ගය අපි පහසුවෙන් ලබා දෙන්නෙමු
Surah Al-Lail, Verse 7
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ
කවුරුන් මසුරුකම් කර, (අල්ලාහ්වද) නොසලකා
Surah Al-Lail, Verse 8
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ
(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද බොරු කර තබන්නේද
Surah Al-Lail, Verse 9
فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ
ඔහුට අමාරුකමට අයත් (නිරයෙහි) මාර්ගයම අපි පහසු කර තබන්නෙමු
Surah Al-Lail, Verse 10
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
ඔහු (නිරයෙහි) වැටෙන විට ඔහුගේ වස්තුව, ඔහුට (කිසිම) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත
Surah Al-Lail, Verse 11
إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ
නියත වශයෙන්ම ඍජු මාර්ගය පෙන්වීමම අපගේ යුතුකම වන්නේය
Surah Al-Lail, Verse 12
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ
නියත වශයෙන්ම මෙලොවද, පරලොවද අපගේමය
Surah Al-Lail, Verse 13
فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ
(මක්කාවාසීනී!) දළු ලා දැවෙන ගින්න ගැන මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි
Surah Al-Lail, Verse 14
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى
ඉතාමත් අභාග්‍යවන්තයෙකු මිස, (වෙන කිසිවෙකුත්) ඒ තුළට ඇතුළු වන්නේ නැත
Surah Al-Lail, Verse 15
ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
ඔහු (අපගේ ආයාවන්) බොරු කර, ප්‍රතික්ෂේප කර දමනු ඇත
Surah Al-Lail, Verse 16
وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى
භය භක්තිකයාම එයින් බේරෙනු ඇත
Surah Al-Lail, Verse 17
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ
ඔහු (පාපයන්ගෙන් තමන්ව) පරිශුද්ධ කර ගැනීම පිණිස තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) දෙනු ඇත
Surah Al-Lail, Verse 18
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ
ඔහු පිළිතුරු වශයෙන් දිය හැකි අන්දමට කිසිවෙකුගේ කෘතඥභාවයක් ඔහු කෙරෙහි නොතිබියදී
Surah Al-Lail, Verse 19
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ
ඉතාමත් උසස් තම දෙවියන්ගේ ශුද්ධ වූ බාර ගැනීම කැමති වී (දානමාන කරනු ඇත)
Surah Al-Lail, Verse 20
وَلَسَوۡفَ يَرۡضَىٰ
(දෙවියන් ඔහුට ලබා දෙන වරප්‍රසාදයන් ගැන) පසුව ඔහුද තෘප්තියට පත් වන්නේය
Surah Al-Lail, Verse 21