Surah Al-Lail - Sinhala Translation by Www.islamhouse.com
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්
Surah Al-Lail, Verse 1
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද
Surah Al-Lail, Verse 2
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්
Surah Al-Lail, Verse 3
إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය
Surah Al-Lail, Verse 4
فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ
එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී
Surah Al-Lail, Verse 5
وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ
යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී
Surah Al-Lail, Verse 6
فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ
අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු
Surah Al-Lail, Verse 7
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා
Surah Al-Lail, Verse 8
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ
විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී
Surah Al-Lail, Verse 9
فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ
අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු
Surah Al-Lail, Verse 10
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත
Surah Al-Lail, Verse 11
إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය
Surah Al-Lail, Verse 12
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය
Surah Al-Lail, Verse 13
فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි
Surah Al-Lail, Verse 14
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත
Surah Al-Lail, Verse 15
ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
ඔහු (අපගේ දේව වදන්) අසත්‍ය කර පිටුපෑවේය
Surah Al-Lail, Verse 16
وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු
Surah Al-Lail, Verse 17
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ
(ඔවුහු කව්රුන්ද යත්) තමන් පිවිතුරු වෙමින් තම ධනය ( අල්ලාහ් උදෙසා) පිරිනමා පිවිතුරු වෙති
Surah Al-Lail, Verse 18
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ
තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය
Surah Al-Lail, Verse 19
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ
උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස
Surah Al-Lail, Verse 20
وَلَسَوۡفَ يَرۡضَىٰ
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත
Surah Al-Lail, Verse 21