UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Naba - Sinhala Translation by Www.islamhouse.com


عَمَّ يَتَسَآءَلُونَ

(නබිවරය) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ
Surah An-Naba, Verse 1


عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ

මහඟු වූ ආරංචිය පිළිබඳව ය
Surah An-Naba, Verse 2


ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ

එය ඔවුන් භේද බින්න වී සිටි දෑය
Surah An-Naba, Verse 3


كَلَّا سَيَعۡلَمُونَ

නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය
Surah An-Naba, Verse 4


ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ

යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය
Surah An-Naba, Verse 5


أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا

අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද
Surah An-Naba, Verse 6


وَٱلۡجِبَالَ أَوۡتَادٗا

තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද)
Surah An-Naba, Verse 7


وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا

තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද
Surah An-Naba, Verse 8


وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا

තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද
Surah An-Naba, Verse 9


وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا

තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද
Surah An-Naba, Verse 10


وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا

තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද
Surah An-Naba, Verse 11


وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا

තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද
Surah An-Naba, Verse 12


وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا

තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද
Surah An-Naba, Verse 13


وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا

තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද
Surah An-Naba, Verse 14


لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا

එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස
Surah An-Naba, Verse 15


وَجَنَّـٰتٍ أَلۡفَافًا

තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස)
Surah An-Naba, Verse 16


إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا

නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත
Surah An-Naba, Verse 17


يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا

සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත
Surah An-Naba, Verse 18


وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا

තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත
Surah An-Naba, Verse 19


وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا

කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත
Surah An-Naba, Verse 20


إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا

නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය
Surah An-Naba, Verse 21


لِّلطَّـٰغِينَ مَـَٔابٗا

(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි
Surah An-Naba, Verse 22


لَّـٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا

එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති
Surah An-Naba, Verse 23


لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا

ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති
Surah An-Naba, Verse 24


إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا

නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ වණ) සැරව මිස. (වෙන කිසිවක් නැත)
Surah An-Naba, Verse 25


جَزَآءٗ وِفَاقًا

(එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි
Surah An-Naba, Verse 26


إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا

නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියහ
Surah An-Naba, Verse 27


وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا

තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය
Surah An-Naba, Verse 28


وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا

තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කළෙමු
Surah An-Naba, Verse 29


فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا

“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ)
Surah An-Naba, Verse 30


إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا

නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද ඇත
Surah An-Naba, Verse 31


حَدَآئِقَ وَأَعۡنَٰبٗا

වතු හා මිදි ද (ඇත)
Surah An-Naba, Verse 32


وَكَوَاعِبَ أَتۡرَابٗا

තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති)
Surah An-Naba, Verse 33


وَكَأۡسٗا دِهَاقٗا

(පානවලින්) පිරුණු කුසලාන ද ඇත
Surah An-Naba, Verse 34


لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّـٰبٗا

නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති
Surah An-Naba, Verse 35


جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا

(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි
Surah An-Naba, Verse 36


رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا

(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත
Surah An-Naba, Verse 37


يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَـٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا

රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි
Surah An-Naba, Verse 38


ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

එයමය සත්‍යය වූ දිනයයි. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා
Surah An-Naba, Verse 39


إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا

නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි
Surah An-Naba, Verse 40


Author: Www.islamhouse.com


<< Surah 77
>> Surah 79

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai