UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Qiyama - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ

විනිශ්චය දින මත දිව්රන්නෙමි
Surah Al-Qiyama, Verse 1


وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ

(වැරදි කළ අයට) නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රන්නෙමි
Surah Al-Qiyama, Verse 2


أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ

(මරණයට පත්ව දිරා පත් වී පස් බවට පත් වූ) ඔහුගේ ඇට කටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නේද
Surah Al-Qiyama, Verse 3


بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ

නොඑසේය. ඔහුගේ ඇඟිළි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු
Surah Al-Qiyama, Verse 4


بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ

එහෙත් මිනිසා දෙවියන් ඉදිරියේම වැරදි කිරීමට අදහස් කර
Surah Al-Qiyama, Verse 5


يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ

(සමච්චලයෙන් මෙන්) “විනිශ්චය දිනය කවදා එන්නේද?”යි විමසන්නේය
Surah Al-Qiyama, Verse 6


فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ

එය (පැමිණෙන) අවස්ථාවේදී බැල්ම නිලංකාර වී
Surah Al-Qiyama, Verse 7


وَخَسَفَ ٱلۡقَمَرُ

චන්ද්‍රයාගේ ආලෝකය මැකී
Surah Al-Qiyama, Verse 8


وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ

(වෙන් වී තිඛෙණ) සූර්යයාද, චන්ද්‍රයාද එක්කාසු වී යනු ඇත
Surah Al-Qiyama, Verse 9


يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ

එදිනදී (බේරීමට) “කොහේ දුවන්නද?”යි මිනිසා විමසනු ඇත
Surah Al-Qiyama, Verse 10


كَلَّا لَا وَزَرَ

“කිසිසේත් කළ නොහැක. බේරීමට තැනක් නැත” (යයි කියනු ලැබේ)
Surah Al-Qiyama, Verse 11


إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ

(නබියේ!) එදිනදී ඔබගේ දෙවියන් වෙතම (සියල්ලන්ම) නැගී සිටිය යුතු වන්නේය
Surah Al-Qiyama, Verse 12


يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

මිනිසා කළින් (ඉටු කර), යැවූ දැයද (ලොවෙහි) අත්හැර දමා පැමිණි දැයද, ගැන එදිනදී ඔහුට දැනුම් දෙනු ලැබේ
Surah Al-Qiyama, Verse 13


بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ

කිමෙක්ද? මිනිසාම තමන්ට විරුද්ධව සාක්ෂි වශයෙන් සිටිනු ඇත
Surah Al-Qiyama, Verse 14


وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ

එබැවින් ඔහු (තම වැරදිවලට) කොපමණ නිදහසට කරුණු ඉදිරිපත් කළා වුවද, (එය බාර ගනු නොලැබේ)
Surah Al-Qiyama, Verse 15


لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ

(නබියේ! ජිබ්රීල් වහී මගින් සමුදීරණය කර පෙන්වනු ලබන ආයාවන් වැරදී යාවිදෝ යයි බිය වී ඔහු සමුදීරණය කර අවසන් වීමට පෙර) ඔබ ඉක්මන් වී එය සමුදීරණය කිරීමට ඔබගේ දිව නොසොළවනු
Surah Al-Qiyama, Verse 16


إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ

මන්දයත් එය එක්කාසු කර, (ඔබ) සමුදීරණය කරන ලෙසට සැලැස්වීම නියත වශයෙන් අප කෙරෙහි ඇති අනිවාර්යය යුතුකමක් වන්නේය
Surah Al-Qiyama, Verse 17


فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ

එබැවින් (ජිබ්රීල් මගින්) එය අපි (ඔබට) සමුදීරණය කර පෙන්වුවහොත්, (ඔහු සමුදීරණය කර අවසන් වූ පසු) ඒ ආකාරයටම එය ඔබ අනුගමනය කර, සමුදීරණය කරනු
Surah Al-Qiyama, Verse 18


ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ

පසුව එය විවරණය කර පැවසීමද අප කෙරෙහි ඇති අනිවාර්යය යුතුකමක් වන්නේය
Surah Al-Qiyama, Verse 19


كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ

එහෙත් (මිනිසුනේ!) ඔබ (සෑම දැයකම) ඉක්මන් වීමටම කැමති වන්නෙහුය. (එබැවින්ම මෙලොව කැමති වී)
Surah Al-Qiyama, Verse 20


وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ

පරලොව ඔබ අත්හැර දමන්නෙහුය
Surah Al-Qiyama, Verse 21


وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ

එදිනදී සමහරෙකු (ගේ) මුහුණු ඉතාමත් සන්තෝෂයෙන් පිරි ඒවා බවට (පත් වී)
Surah Al-Qiyama, Verse 22


إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ

තමන්ගේ දෙවියන් දෙස බලන්නන් වශයෙන්ම (දීප්තිමත්ව) තිඛෙණු ඇත
Surah Al-Qiyama, Verse 23


وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ

වෙනත් සමහරෙකු(ගේ) මුහුණු නම්, එදිනදී (ශෝකයෙන්) මැළ වී ගිය ඒවා වශයෙන් තිඛෙණු ඇත
Surah Al-Qiyama, Verse 24


تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ

(පාපයන්හි බරෙහි හේතුවෙන්) තමන්ගේ තුනටිය කැඩී යාවිදෝ යයි සිතා (බියට) පත් වී සිටිනු ඇත
Surah Al-Qiyama, Verse 25


كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ

(කවුරුන් හෝ රෝගාතුර වී ඔහුගේ) පණ උගුරු දණ්ඞ අත් කර ගතහොත්
Surah Al-Qiyama, Verse 26


وَقِيلَ مَنۡۜ رَاقٖ

(ඔහු සමීපයෙහි සිටින්නන්, ඔහුව සුවපත් කිරීමට) මතුරන්නේ කවරෙක්ද? (කොහේ නම් සිටින්නෙහිද?) යයි විමසන්නාහ
Surah Al-Qiyama, Verse 27


وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ

එහෙත් ඔහු නම්, නියත වශයෙන්ම මෙයයි (තමන්ගේ) වෙන්වීම යන්න (ස්ථීරව) දැන ගන්නේය
Surah Al-Qiyama, Verse 28


وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

(ඔහුගේ) කකුලේ (මස්පිඩු, අනිත්) කකුලේ මස්පිඩු සමග ගෙතෙනු ඇත
Surah Al-Qiyama, Verse 29


إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ

එදිනදී ඔහුගේ (කාරණාව අවසන් වී) ඔබ දෙවියන් දෙසට දක්කාගෙන යනු ලබන්නේය
Surah Al-Qiyama, Verse 30


فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

(ඔහු නම්, අල්ලාහ්ගේ ආයාවන්) සත්‍යය කළේද නැත. සලාත් කළේද නැත
Surah Al-Qiyama, Verse 31


وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

එහෙත් (ඔහු ඒවා) බොරු කර තබා (සලාත්ද නොකර) ඈත් වී සිටියේය
Surah Al-Qiyama, Verse 32


ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ

පසුව උඞඟූ වී තම පවුලේ උදවිය සමග (තම නිවසට) ගියේය
Surah Al-Qiyama, Verse 33


أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ

(මිනිසාණෙනි!) ඔබට විනාශයයි! පසුවත් විනාශයයි
Surah Al-Qiyama, Verse 34


ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ

ඔබට විනාශය මත විනාශයයි
Surah Al-Qiyama, Verse 35


أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى

(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යයි මිනිසා අදහස් කළෙහිද
Surah Al-Qiyama, Verse 36


أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ

ඔහු (ගර්භයෙහි) ඇතුළු කරන ලද එක් ඉන්ද්‍රිය බිඳක් වශයෙන් තිබුනේ නැද්ද
Surah Al-Qiyama, Verse 37


ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ

පසුව (එය) ලේ කැටියක් බවට පත් කර (පසුව එය) නිර්මාණය කර පූරණ මිනිසෙකු බවට (දෙවියන්) පත් කර තැබුවේය
Surah Al-Qiyama, Verse 38


فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ

පිරිමි, ගැහැනු ජෝඩුද එයින් උත්පාදනය කරන්නේය
Surah Al-Qiyama, Verse 39


أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ

(මේ සියල්ල කළ) ඔහු, මරණයට පත් වූවන්ව පණ දීමට බලසම්පන්නයෙකු නොවෙද
Surah Al-Qiyama, Verse 40


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 74
>> Surah 76

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai