Surah Al-Anfal Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِن تَسۡتَفۡتِحُواْ فَقَدۡ جَآءَكُمُ ٱلۡفَتۡحُۖ وَإِن تَنتَهُواْ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَعُودُواْ نَعُدۡ وَلَن تُغۡنِيَ عَنكُمۡ فِئَتُكُمۡ شَيۡـٔٗا وَلَوۡ كَثُرَتۡ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُؤۡمِنِينَ
(මක්කාවේ වාසය කරන කාෆිර්වරුනි!) ඔබ සොයන ජයග්‍රහණය නම්, එම ජයග්‍රහණය ඔබ ඉදිරියට පැමිණ ඇත. (එහෙත් එය ඔබට නොව. විශ්වාසවන්තයින් වන අපටය! අපිම ඔබට එරෙහිව ජයග්‍රහණය අත් කර ගත්තෙමු. එබැවින් නපුර කිරීමෙන්) මින් පසුව හෝ ඔබ ඈත් වුවහොත් එය ඔබටම හොඳය. මින් පසුවත් ඔබ (නපුර කිරීමට) ඉදිරිපත් වුවහොත්, අපිත් ඉදිරිපත් වන්නෙමු. ඔබගේ සමූහය කොපමණ විශාල වුවද, (එය) ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින් සමග සිටින්නේය