Surah At-Taubah Verse 120 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahمَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
මදීනාවාසීන් වුවද කම් නැත, නැතහොත් ඔවුන් වටා වාසය කරන පිටිසර අරාබිවරුන් වුවද කම් නැත, ඔවුන් අල්ලාහ්ගේ දූතයාගෙන් (ඈත් වී) පසුබට වී නැවතී සිටීමද, (අල්ලාහ්ගේ) දූතයාගේ පණට වඩා තමන්ගේ පණම ලොකු යයි අදහස් කිරීමද සුදුසු නැත. මන්දයත් අල්ලාහ්ගේ මාර්ගයෙහි මොවුන්ට ඇති වන දුෂ්කරතාවය, බඩ ගින්න, පිපාසය (ආදී දැයද), ප්‍රතික්ෂේප කරන්නන්ව කෝපයට පත් කරන ස්ථානයෙහි පය ගැසීම හා එමගින් සතුරන්ගේ පැත්තෙන් යම්කිසි දුක් කරදරයක් අත් වීම, ආදී මේ සියල්ල ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් වශයෙන්ම සටහන් කරනු ලැබේ. නියත වශයෙන්ම අල්ලාහ් මෙවැනි දැහැමි ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාක අපතේ හරින්නේ නැත