Surah Yunus Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوۡ قَاعِدًا أَوۡ قَآئِمٗا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ يَدۡعُنَآ إِلَىٰ ضُرّٖ مَّسَّهُۥۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡمُسۡرِفِينَ مَا كَانُواْ يَعۡمَلُونَ
මිනිසුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් (එය පහ කරන මෙන්) ඔහු තමන්ගේ (නිදා සිටින) යහනාවෙහිද, වාඩි වී සිටියදීද, (සිටගෙන) සිටින තත්වයෙහිද, අප වෙතම ප්‍රාර්ථනා කරන්නේය. නමුත් ඔහුගේ දුක් කරදරය අපි ඔහුගෙන් පහ කර හැරියහොත් නම්, ඔහු තමන්ට සිදු වූ විපත පහ කරන මෙන් අප වෙත ප්‍රාර්ථනා කළේම නැත්තාක් මෙන් (ප්‍රතික්ෂේප කර) යන්නේය. සීමාව ඉක්මවා යන්නන්ට ඔවුන් කරන කාරණාවන් මෙසේ අලංකාරවත් කර හැරියේය