Surah Yunus Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُدَبِّرُ ٱلۡأَمۡرَۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعۡدِ إِذۡنِهِۦۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ أَفَلَا تَذَكَّرُونَ
(මිනිසුනේ!) ඔබගේ දෙවියන් වන එම අල්ලාහ්ම අහස්ද භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. (මේවා සම්බන්ධයෙන් වූ) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කර (පරිපාලනය කරමින්) සිටින්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව (ඔබ වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර පෝෂණය කරන්නාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ නමදිනු. (හොඳ හැඟීමක් ලබා ගැනීමට මේවා ගැන) ඔබ සිතා බැලිය යුතු නොවේද