Surah Yunus Verse 71 - Sinhala Translation by Www.islamhouse.com
Surah Yunus۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ
(නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු