Surah Hud Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٞ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ
ඔහු (එම ලී) නැව ඉදි කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් ඒ අසළින් ගිය සෑම විටම ඔහුට සමච්චල් කළහ. එයට ඔහු “ඔබ අපව සමච්චල් කළහොත් ඔබ (මේ අවස්ථාවේදී) අපව සමච්චල් කරන මේ ආකාරයටම නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) අපිත් ඔබව සමච්චල් කරන්නෙමු” යයි පැවසුවේය