Surah Hud Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓاْ إِلَيۡكَۖ فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٌ إِلَّا ٱمۡرَأَتَكَۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمۡۚ إِنَّ مَوۡعِدَهُمُ ٱلصُّبۡحُۚ أَلَيۡسَ ٱلصُّبۡحُ بِقَرِيبٖ
(එයට ලුත්ගේ අමුත්තන් ඔහුට) “ඕ ලුත්! නියත වශයෙන්ම අපි ඔබගේ දෙවියන් විසින් එවන ලද මලායිකාවරුන් වන්නෙමු. මොවුන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ සේන්දු විය නොහැක. (අද) රාත්‍රියෙහි සුළු කොටසක් ඉතිරිව තිබියදී ඔබ, ඔබගේ පවුලේ අය සමග (මෙතැනින්) පිට වී යනු. (ඔබගේ වදන නොඅසන) ඔබගේ බිරිඳ හැර, ඔබගෙන් කිසිවෙකුත් ඔවුන්ව හැරීවත් නොබලනු. ඔවුන්ව අල්ලා ගන්නා දඬුවම නියත වශයෙන්ම ඇයවද අල්ලා ගනු ඇත. (දඬුවම පැමිණි වහාම) නියත වශයෙන්ම මොවුන්ට පොරොන්දු දෙන ලද කාලය අළුයම් කාලය වන්නේය. අළුයම් කාලය සමීප වූවේ නැද්ද?”යි විමසූහ