Surah Yusuf Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَرَفَعَ أَبَوَيۡهِ عَلَى ٱلۡعَرۡشِ وَخَرُّواْ لَهُۥ سُجَّدٗاۖ وَقَالَ يَـٰٓأَبَتِ هَٰذَا تَأۡوِيلُ رُءۡيَٰيَ مِن قَبۡلُ قَدۡ جَعَلَهَا رَبِّي حَقّٗاۖ وَقَدۡ أَحۡسَنَ بِيٓ إِذۡ أَخۡرَجَنِي مِنَ ٱلسِّجۡنِ وَجَآءَ بِكُم مِّنَ ٱلۡبَدۡوِ مِنۢ بَعۡدِ أَن نَّزَغَ ٱلشَّيۡطَٰنُ بَيۡنِي وَبَيۡنَ إِخۡوَتِيٓۚ إِنَّ رَبِّي لَطِيفٞ لِّمَا يَشَآءُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
පසුව ඔහු තම මවවද, පියාවද සිංහාසණය මත ඔසවා (වාඩිවීමට) සැලැස්සුවේය. (ඊජිප්තුවේ අධිපති වශයෙන් සිටි) ඔහුට (ඒ කාලයේ චාරිත්‍රයට අනුව) ඔවුන් සියල්ලන්ම නළල බිම තබා ගෞරව කළහ. ඒ අවස්ථාවේදී යූසුෆ් (තම පියාට) “මගේ පියාණෙනි! පෙර මා දුටු සිහිනයන්හි අර්ථය මෙයයි. මගේ දෙවියන් එය සත්‍යය කර හැරියේය. (කිසිවෙකුගේ රෙකමදාරුවක් නොමැතිවම) සිර ගෙයි සිට මාව ඔහු පිටතට යැවූවේය. මටත් මගේ සහෝදරයින්ටත් අතරේ ෂෙයිතාන් වෙන්වීමක් ඇති කළායින් පසුවද, ඔබ සියල්ලන්වම කාන්තාරයේ සිට මා වෙත ගෙනැවිත් එකට එක්කාසු කිරීම මගින් (මගේ දෙවියන්) නියත වශයෙන්ම මා කෙරෙහි ඉමහත් ඵලවිපාකයක් ලබා දී ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් තමන් අදහස් කරන්නන් කෙරෙහි සිත් තූළ ආදර කරුණාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය” යයි කිවේය