Surah Yusuf Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٖ كَذِبٖۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٞۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් (පෙන්)වූහ. (ලේ තැවරුනණු එම කමිසය නොඉරී තිබීම දැක “වෘකයා පහර දී කා දැමුවේ) නැත. ඔබගේ සිත් එක් (නපුරු) කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. (ඒ අන්දමටම ඔබ කළෙහුය). එබැවින් (මෙම ශෝකය) විඳ දරා ගැනීමම අගනේය. ඔබ පවසන දැයෙන් (යූසුෆ්ව ආරක්ෂා කර ගන්නා මෙන්) අල්ලාහ් වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමි” යයි පැවසුවේය