Surah Yusuf Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(ඔහුව මිලදී ගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත විකුණා දැමුවේය). ඊජිප්තුවේදී ඔහුව මිලදී ගත් අය, තම බිරිඳට “ඔබ මොහුව ඉතාමත් ගෞරවණීය අන්දමින් තබා ගනු. (ඔහුගෙන්) අපට හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් ඔහුව අපි අපගේ (හදා වඩා ගන්නා) පුතෙකු බවට පත් කර ගත හැකිය” යයි පැවසුවේය. යූසුෆ් එම රටේ උසස් තනතුරක් හෙබවීම පිණිසද, (කළින් ඔහු දුටුවාක් වැනි) සිහිනයන්ගේ පැහැදිලි කිරීම් ඔහුට උගන්වා දීම පිණිසද, මෙසේ අපි ඔහුට පහසුකම් සැලැස්සුවෙමු. අල්ලාහ් තම සිතුවිළි ඉටු කිරීමෙහි (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත