Surah Yusuf Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٖ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٞ
(යූසුෆ ් ඇයව අත්හැර දමා බේරීමට සිතා ගනිමින් පිටතට යාමට දිව ගියේය. ඇය ඔහුව අල්ලා ගැනීමට සිතා ඔහු පසුපස දිවුවාය). දෙදෙනාම කෙනෙකු අනිත් කෙනාව අභිබවා යාමට ෙදාරටුව දෙසට වේගයෙන් දිව ගියහ. (යූසුෆ් ඉදිරියට ගියෙන්, ඔහුගේ කමිසයෙන් අල්ලා ඇද්දාය). එබැවින් ඔහුගේ කමිසයේ පිටුපස ඉරී ගියේය. ඒ අවස්ථාවේදී ප්‍රධාන ෙදාරටුව අසළ ඇයගේ ස්වාමිපුරුෂයා සිටිනු දෙදෙනාම දුටුවහ. (එබැවින් ඇය බිය වී තමන් බේරීමට අදහස් කර, ඔහුට) “ඔබගේ බිරිඳට විපතක් කිරීමට අදහස් කළ අයට සිර ගත කිරීම හෝ නැතහොත් වේදනා ගෙන දෙන දඬුවම් දීම මිස, වෙන දඬුවමක් ඇත්ද?”යි පැවසුවාය