Surah Yusuf Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ
(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජණ සංග්‍රහයකට එක්රැස් කර, එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම (පලතුරක් බැගින්ද, එය කපා අනුභව කිරීමට) පිහියක්ද දී ඔහුව (ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර), “ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු” යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම (ඔහුගේ පෙනුම දැක), ඔහුට නමස්කාර කර (අන්දමන්ද වී පලතුර කැපීම වෙනුවට) තමන්ගේ අත් (ඇඟිලි) කපා ගනිමින් “අල්ලාහ් අපිව ආරක්ෂා කර ගනු මැනව! මොහු මිනිසෙකු නොව; මොහු (සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි) ශ්‍රේෂ්ඨ මලායිකාවරයෙකු මිස, වෙන කිසිවෙක් නොව” යයි පැවසූහ