Surah Yusuf Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرٗاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزٗا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ
(ඔහු සිරයට ගිය අවස්ථාවේදී, විවිධ වැරදි සඳහා තවත්) තරුණයින් දෙදෙනෙකු ඔහු සමග සිර ගත වූහ. ඒ දෙදෙනාගෙන් කෙනෙකු (දිනක් යූසුෆ්ට) “ඇත්තෙන්ම මා මිදි යුෂ මිරිකමින් සිටිනු (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසුවේය. අනිත් කෙනා “ඇත්තෙන්ම මා මගේ හිසෙහි රොටී ටිකක් ඔසවාගෙන යමින්ද, ඒවා පක්ෂීන් (පැමිණ කොට කොටා) අනුභව කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසීමෙන් අනතුරුව, (යූසුෆ්ට) “නියත වශයෙන්ම අපි ඔබව ඉතාමත් (ඥානයෙන් පිරි) හොඳ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. (එබැවින්) මෙම සිහිනයන්ගේ පැහැදිලි කිරීමක් ඔබ, අපට ලබා දෙනු මැනව!” (යයි පැවසුවේය)