Surah Yusuf Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّـٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ
(යූසුෆ් නබි පැවසූ දැය රජ තුමා වෙත පැමිණ ඉතාමත් විස්තරාත්මකව කීවේය). එයට රජ තුමා “(මෙම අර්ථ විවරණය කළ) ඔහුව මා වෙත කැඳවාගෙන එනු” යයි නියෝග කළේය. ඔහුගේ දූතයා යූසුෆ් වෙත (ඔහුව කැඳවාගෙන) ඒමට (පැමිණි) විට, (ඔහු දූතයා සමග යාම ප්‍රතික්ෂේප කර, ඔහුට) “ඔබ, ඔබගේ හාම්පුතා වෙත ආපසු හැරී ගොස් තමන්ගේ අත් (ඇඟිලි) කපා ගත් කාන්තාවන්ගේ (සත්‍ය) කාරණාව කුමක්ද? (කුමක් නිසා එම කාන්තාවන් තමන්ගේ අත් කපා ගත්තෙහුද?)”යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම එම කාන්තාවන්ගේ කුමන්ත්‍රණය මගේ දෙවියන් හොඳින් දන්නෙකි” යයි පැවසුවේය