Surah Yusuf Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٖۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුනේද?”යි විමසුවේය. (එයට) එම කාන්තාවන් “අල්ලාහ් අපව ආරක්ෂා කරනු මැනව! අපි ඔහු වෙත කිසිම නපුරක් තිඛෙණු දැන ගත්තේ නැත” යයි පැවසූහ. අසීස්ගේ බිරිඳ ‘සත්‍යය දැන්වත් එළිදරව් වූවා නොවෙද! (මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් ඵලක් නැත’ යයි අදහස් කර), “මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. (තමන් ආරාධනා කළේ නැත යයි) නියත වශයෙන්ම ඔහු සත්‍යයම පැවසුවේය” යයි පැවසුවාය