Surah Yusuf Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦٓ أَسۡتَخۡلِصۡهُ لِنَفۡسِيۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلۡيَوۡمَ لَدَيۡنَا مَكِينٌ أَمِينٞ
(යූසුෆ්ගේ ඥානය දැන ගත්) රජ තුමා “ඔහුව මා වෙත කැඳවාගෙන එනු. මා හට සමීපස්තයෙකු වශයෙන් ඔහුව මා පත් කර ගන්නෙමි” යයි පවසා (ඔහුව කැඳවාගෙන ඒමට සලස්වා) ඔහු සමග කතා කළ වහාම (ඔහුගේ දූරදර්ශී අදහස් දැක) “නියත වශයෙන්ම අද සිට අප වෙත ඉමහත් වූ ගෞරවයද, විශ්වාසයද අත් කර ගත්තෙහිය” යයි පැවසුවේය