Surah Yusuf Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَلَمَّا فَتَحُواْ مَتَٰعَهُمۡ وَجَدُواْ بِضَٰعَتَهُمۡ رُدَّتۡ إِلَيۡهِمۡۖ قَالُواْ يَـٰٓأَبَانَا مَا نَبۡغِيۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتۡ إِلَيۡنَاۖ وَنَمِيرُ أَهۡلَنَا وَنَحۡفَظُ أَخَانَا وَنَزۡدَادُ كَيۡلَ بَعِيرٖۖ ذَٰلِكَ كَيۡلٞ يَسِيرٞ
පසුව ඔවුන් තමන්ගේ බඩු (පොදි) ලෙහා දමන විට, ඔවුන් (මුදල් වෙනුවෙන්) දුන් භාන්ඩ (සියල්ල) ඔවුන් වෙතම ආපසු ලබා දීම දැක “අපගේ පියාණෙනි! අපට උවමනා කුමක්ද? (භාණ්ඩ නොවෙද!) මෙන්න අප (මුදල් වෙනුවෙන්) දුන් භාණ්ඩද අප වෙතම ආපසු ලබා දී ඇත. (බුන්යාමීන්වද කැඳවාගෙන යාමට අනුමැතිය දෙනු මැනව!) අපගේ පවුලේ අයට අවශ්‍ය ධාන්‍ය මිලදී ගෙන එන්නෙමු. අපගේ සහෝදරයාවද බේරාගෙන එන්නෙමු. (ඔහු වෙනුවෙන්ද) එක් ඔටුවෙකුගේ (බර ප්‍රමාණයක) ධාන්‍ය අධික වශයෙන් ගෙන එන්නෙමු. (ගෙන එනු ලැබූ) මෙය ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි” යයි පැවසූහ